https://www.gossiplankanews.com/2019/04/dulas-alahapperuma-hangman-speech.html
න්ධනාගාර අලූගෝසු තනතුර සඳහා පැවැති සම්මුඛ පරීක්ෂණයට උපාධිධාරියකු ද සහභාගි වී ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම සඳහන් කරනවා.

මෙම සම්මුඛ පරීක්ෂණයට පුද්ගලයන් 17 දෙනකු සහභාගි වී ඇති අතර, ඉන් එක් අයකු උපාධිධාරියකු බව

පැවසූ මන්තී‍්‍රවරයා මෙය මේ රටේ නිදහසින් පසු ගත වූ අවුරුදු 71ක කාලසීමාවේ නිදහස් අධ්‍යාපනය සම්බන්ධයෙන් අසන්නට ලැබුණු ඉතා දුක්මුසු පුවත මෙය බවත් එය බරපතළම ඛේදවාචකයක් බවත් පැවසුවා.

නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස සැලකෙන ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා ජීවත්ව සිටියා නම් මේ ප‍්‍රවෘත්තිය අසා එතුමා දිවිනසා ගැනීමටත් ඉඩ තිබුණු බවයි මන්තී‍්‍රවරයා සඳහන් කළේ.

පොල් කැඞීම සිය ජීවන වෘත්තීය කර ගත් උපාධිධාරියකුගේ කතාවක් මීට සති 02කට පෙර මාධ්‍යවල පළ වූ බව ද මේ රටේ උපාධිධාරීන්ට රැකියා ලබාදීම ප‍්‍රතිපත්තියක් ලෙස කි‍්‍රයාත්මක වීම මේ වනවිට අකර්මන්‍ය වී ඇති අතර මේ වනවිට රැකියා විරහිත උපාධිධාරීන් 70,000ක් රටේ සිටින බවත් මන්ත්‍රීවරයා හෙළිදරව් කර සිටියා.

උපාධිධාරීන් මෙතරම් අසරණ වූ අවස්ථාවක් නැති බවත් මේ ආණ්ඩුව මේ රටේ බුද්ධිමත් දූ පුතුන් නිදහස් අධ්‍යාපනයේ මරණ මංචකයට ගෙන ගොස් ඇති බවත් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (03) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා.

අනුර බාලසූරිය