ඇමරිකා එක්සත් ජනපදයේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු වේලාවෙන් සඳුදා උදෑසන ශ්‍රී ලංකා අගමැති
රනිල් වික්‍රමසිංහ දුරකථනයෙන්
ඇමතූ බවත් ඇතිව තිබෙන තත්වය හමුවේ ඇමරිකානු සහය ලබාදීමට කැමැත්ත පළකළ බවත් ඒපී පුවත් සේවය වාර්තා කරයි.
ධවල මන්දිරයේ නියෝජ්‍ය මාධ්‍ය ලේකම් හොගන් ගිඩ්ලි මෙම ඇමතුම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කර තිබේ. මෙම ඇමතුමේදී අපරාධකරුවන්ට යුක්තිය ඉදිරියට ගෙනයාමට සහ ත්‍රස්තවාදයට එරෙහි සටනේදී ඇමරිකාවේ කැපවීම යළි සහතික කර තිබෙන බව ලේකම්වරයා දන්වා ඇත.
මේ අතර ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝද අගමැති රනිල් වික්‍රමසිංහ අමතා ත්‍රස්තවාදය මැඩලීමට අවශ්‍ය සියලු සහය ලබාදෙන බවට සහතික වී ඇත.