ජාතික හිසතෙල්ගෑමේ මහෝත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර බෝම්බුවල ශ්‍රී සුබෝධි රාජාරාම මූලස්ථාන මහා විහාර භූමියේ දී අද (17) පෙරවරුවේ සිදු කෙරිනි.
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව ඒකාබද්ධව උත්සවය සංවිධානය කරන ලදි.

විහාරාධිපති කළුතර රත්නපුර දෙපලාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය හල්වතුරේ අස්සජී හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඡ්ඡායනා මධ්‍යයේ පෙරවරු 7.42 ට යෙදුනු නැකැත් වේලාවට අනුව හිසතෙල්ගෑම සිදු විය. 

ජාතික හිසතෙල්ගෑමේ මහෝත්සවයට සමගාමීව අලි ඇතුන්ගේ හිසතෙල්ගෑම ද සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් සිදු විය. එම විහාරස්ථාන භූමියේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් නා පැලයක් ද රෝපනය කරන ලදි.

මෙහිදී මාධ්‍යයට අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ සිංහල හා හින්දු අළුත් අවුරුද්ද හා බැදුනු සංස්කෘතික දායාදයන් මතු පරපුරට උරුමකර දීම මෙහි අරමුණ බවයි. ඒ සදහා කැප වූ සියලු දෙනාට තම ස්තූතිය පුද කරන බවය.