පසුගිය ජනාධිපතිවරණ සමයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී තමන් විසින් ඉදිරිපත් කළ
ලේඛනය මගින් අගමැති රනිල් වික‍්‍රමසිංහ

මහතාට හා ජනාධිපති  මෛත‍්‍රිපාල සිරිසේන මහතාට යම්කිසි සිත් තැවුලක්, හානියක් හා පාඩුවක් සිදු වූයේ නම් එයට කනගාටුව පළකර විවෘත අධිකරණය හමුවේ සමාව අයැද සිටි තිස්ස අත්තනායක මහතාව සියලූම අධි චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් ඒ. කළුආරච්චි මහතා ඊයේ (24) නියෝග කළේය.
එලෙස නිදහස්වූ පසුව ඔහුගේ ආධාර කරුවෝ මල්මාලා දමා මහත් හරසරින් යුතුව ඔහුව පිළිගෙන අධිකරණ භූමියෙන් පිටතට ගෙන ගියහ.