ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විසින් බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියට අපහාසාත්මක ලෙස බැණ වැදුණේ යැයි පවසමින් ඌව පළාතේ සියලුම රෝහල්වල
වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය විසින් ආරම්භ කළ
වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක වන බව වාර්තාවේ.

අද(03) ඌව පළාතේ සියලු පළාත් රෝහල්වල මෙලෙසෙ වැඩ වර්ජනයේ කියැලෙන බව වාර්තා වෙයි.

වෛද්‍යවරුන් පවසන්නේ ප්‍රධාන අමාත්‍යවරයා සමාව නොගතහොත් අඛණ්ඩව වෘත්තීය ක්‍රියාමර්ගයේ නිරත වන බවයි.

මේ හේතුවෙන් හේතුවෙන් ඌව පළාත් රෝහලේ වැඩකටයුතු අද සම්පූර්ණයෙන්ම ඇණහිට තිබූණි.

ඒ අනුව ඊයේ දිනයේදී ඊට සහය දක්වමින් දෙමෝදර රෝහලේ කාර්ය මණ්ඩලය, රියදුරන් සහ හෙද නිලධාරින් ද සේවයෙන් ඉවත් වුණි.

මෙම වර්ජනයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ඌව පළාත් වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති 21 ක් පමණ සහභාගි වේ.