ගෝමරන්කඩවල පොලිස් වසමේ බක්මිගම මැදවච්චිය වැවේ දිය නෑමට ගිය යුදමය හමුදා සෙබළකු පෙරේදා (07දා) වැවේ ගිලී මියගොස් ඇතැයි ගෝමරන්කඩවල පොලිසිය කියයි. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කළුතර
උතුරු පයාගල
පදිංචි පනාගොඩ රෙජිමේන්තු පාලන කණ්ඩායමේ එම කඳවුරට අනුයුක්ත සෙබළ කෝනාර මුදින්සේලාගේ සචින්ත ප්‍රමෝද් (22) යන අයයි.

තම පෙම්වතිය බැලීම සඳහා මවුපියන් සමඟ ගෝමරන්කඩවලට පැමිණ ඇති මියගිය සෙබළා 7දා සවස 3ට පමණ වැවට දිය නමට ගොස් ඇති අතර එහිදී මෙම අවාසනාවන්ත දේ සිදුවී ඇති බව පරික්ෂණ පවත්වන පොලීසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පණය ඊයේ (08දා) ත්‍රිකුණාමලය ශික්‍ෂණ රෝහලේ පැවත්වීමට කටයුතු යොදා තිබූ අතර ගෝමරන්කඩවල පොලිසියේ ස්ථානාධිපති පො.ප. සිල්වා මහතා ඇතුළු නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ මෙහෙය වූහ.

-ඩබ්.එම්.වික්‍රමසිංහ-