8.30pm update
අද (9) මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කිරිමට තිබූ පැය 48ක වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනියර් රියදුරු සංගමයේ ප්‍රධාන  ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය.

දුම්රිය රියදුරු, නියාමක, ස්ථානාධිපති, පාලක හා දුම්රිය අධීක්ෂණ කළමණාකරුවන් මෙම වැඩවර්ජනයට එක්වීමට නියමිතව තිබිණි.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා  මසක් ඇතුළත වැටුප් ගැටලුවට විසඳුම් දෙන බවට පොරොන්දු වීමත් සමඟ වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව දොඩන්ගොඩ මහතා කීවේය.


 ---------------
 2.30pm update
දුම්රිය මෙහෙයුම් අධීක්‍ෂණ සේවා නිලධාරියාට ඇති වී තිබෙන වැටුප් විෂමතා ඉවත් කිරීමට බලධාරීන්ට උනන්දුවක් නොමැති බැවින් අද (09දා) දින මධ්‍යම රාත්‍රී 12 සිට පැය 48ක වැඩවර්ජනය ස්ථිරවම සිදුකරන බව
දුමිරිය අධීක්ෂණ මෙහයුම් ඒකාබද්ධ

සන්ධානයේ සමකැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා සඳහන් කළේය.

මෙම වැඩවර්ජනය සිදු කරන බවට පසුගිය සතියේදී බලධාරීන් දැනුවත් කළ බවත්, එහෙත් ගැටලුව පිළිබඳ සාකච්ඡාවක් ලබාදීමට හෝ රියේ (08) දිනයේදී බලධාරින් කටයුතු  නොකළ බවත් හෙතෙම පවසා සිටියේය.

වැටුප් විෂමතා පිළිබඳ සොයා  බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කමිටුවක් පත්කළ බවත්, එම කමිටුවේ නිර්දේශ මත වැටුප් විෂමතා ඉවත් කිරීමට පසුගිය වසරේ පෙබරවාරි 16 වැනිදා අමාත්‍ය මන්ඩල පත්‍රිකාවක් පවා අනුමත කළ බවත් සමකැදවුම්කරු සදහන් කළේය.

එහෙත් අදාළ කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කිරීමට මෙතෙක් කටයුතු කර නොමැති බවද ඔහු පැවසීය.

-එච්.අයි. තුෂාර-