මියගොස් වසර විසිපහක් ඉතාලියේ ශීතාගාරයක තබා තිබූ චාවාකච්චේරියේ පදිංචිකරුවකුගේ මෘතදේහයක් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් බඩු අංගණයේදී ඥාතීන් විසින් භාරගෙන ඇත. මෙසේ රැගෙනවිත්
ඇත්තේ 1994 මැයි මස 5 වැනි දින ඉතාලියේදි මියගිය යාපනය චාවාකච්චේරියේ පදිංචිව සිටි එම්. ශ්‍රීධරන් ජෝර්ජ් යන අයගේ මෘතදේහයයි. යුද සමයේ (1990 දි පමණ) ඉතාලි ගිය ශ්‍රීධරන් ජෝර්ජ් මහතා එහි රැකියාවක් කර ඇත. මේ අතර තුර හෘදයාබාධයකට ගොදුරුවී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිට ඇත.

තමන් මියගියහොත් දේහය ශ්‍රී ලංකාවට රැගෙන  ගොස් මිහිදන් කළ යුතු බව ප්‍රකාශ කර තිබේ. පවතින යුද වාතාවරණය අවසන් වන තෙක් වසර විසිපහක් දේහය සුරක්ෂිතව තබාගැනීම සඳහා ඔහු ඉතාලියේ ශීතාගාර සමාගමක් සමග ගිවිසුමකට එළැඹ ඇත. වසර 25 අවසන්වීමට ආසන්නව ඇති බැවින් අදාළ සමාගම විසින් මෘතදේහය ගුවන් මඟින් කටුනායකට එවා තිබූ අතර අවසන් කටයුතු සඳහා චාවාකච්චේරිය වෙත රැගෙන යෑමට ඔහුගේ පුත්‍රයකු ඇතුළු ඥාතීන් විසින් දේහය භාරගනු ලැබිය. අවසන් කටයුතු ඊයේ (08දා) චාවාකච්චේරියේදී සිදුකිරිමට නියමිතව තිබිණි.

-බර්ටී වීරසිංහ-