කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම්පොළට හදිසි ප්‍රහාරයක් එල්ල වන බවට කටකතාවක් පැතිර යාම නිසා පොලිසියට ඒ ගැන අවධානය යොමු කළ යුතුවිය.
ඒ නිසා විශේෂ පරීක්ෂාවක් සිදු කළ බව පොලිසිය පවසයි.

මේ හේතුවෙන් කුරුණෑගල නගරය විනාඩි කිහිපයක දී ජනශුන්‍ය
තත්වයට පත්වූ බවද කිසිදු ගැටලුවක් නැතැයි දැන්වූ පසු අවදානම යළි යථාතත්ත්වයට පත්වූ බවද වාර්තා විය.

ප්‍රධාන නගරවල සිටින ජනතාවගේ ආරක්ෂාව උදෙසා ආරක්ෂක අංශ සෝදිසි මෙහෙයුම් දැඩි කර තිබෙයි.
ඒ අනුව කොළඹ නගරයේද මාර්ග බාධක තුළ හා ගෙන්ගෙටගොස් ආරක්ෂක අංශ පුළුල් සෝදිසි මෙහෙයුම් අරඹා තිබෙනවා. අනුරාධපුර,බදුල්ල,රත්නපුර,මාවනැල්ල, නගර වල සෝදිසි මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මකය.