කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී හාජා. මොහිදින් අලි උසුමාන් සහ ඔහුගේ සොහොයුරා තියුණු ආයුධ සහ යුධ හමුදා සටන් ඇතුළත් සංයුක්ත තැටි සමඟ ඊයේ (29) අත් අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය කියයි.

එම පුද්ගලයන් දෙදෙනා සමඟ
කඩු තුනක්,මන්න පිහියක්,යුද හමුදා සටන් ඇතුළත් සංයුත්ත තැටි,ජංගම දුරකතන දෙකක් සහ පරිඝනක කොටස් කිහිපයක් පොලිසිය බාරයට ගෙන ඇත.

ඔවුන් දෙදෙනා තව්හිත් ජමාත් සංවිධානයේ සමාජිකයන් බව සිදුකළ මූලික පරීක්ෂන වලදී හෙළි වී යැයි පොලිසිය කියයි.

වැලිකඩ පොලිසියේ නිලධාරීන් යුද හමුදා නිලධාරීන් සමඟ වැලිකඩ පොලිස් වසමේ නාවල පාර පල්ලිය පටුමග ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සැකකාර නාගරික මන්ත්‍රීවරයාගේ ව්‍යාපාරික සොහොයුරාගේ නිවසේ තිබී මෙම භාණ්ඩ සොයා ගත් බව පොලිසිය කියයි.