https://www.gossiplankanews.com/2019/04/kanjipani-imran-madush-reveals.html
ඩුබායි වෙතින් පිටුවහල්වූ පසු අත්අඩංගුවට ගැනුණු පාතාල ප්‍රබලයකු වනකංජිපානි ඉම්රාන්
මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ සිටින අතර කොළඹ වරාය භූමියේ පිහිටි අධි ආරක්ෂිත සිර මැදිරියක රඳවා ප්‍රශ්න කිරීමට ලක්වෙද්දී මේ දක්වා හෙළි නොවූ කරුණු රැසක්ම ඔහු හෙළි කර තිබෙනවා.
‘මධුෂ් අයියා පාටිය ඕගනයිස් කරනකොටම මම කිව්වා ඔය වැඩේ කරන්න එපා.
අපිට ප්‍රශ්න තියෙන
එකේ පාඩුවේ ඉමු කියල. ඒත් අයියා ඇහුවේ නැහැ. එයාට ඕනේ වුණා එයාගේ ලොකු කම පෙන්නන්න.,”
යනුවෙන්  ඉම් රාන් පොලීසියට පාපොච්චාරණය කර ඇතැයිද වාර්තා වනවා.

මාධ්‍ය මගින් දිගින් දිගටම මාකඳුරේ මධූෂ් පිළිබඳව වාර්තා කිරීම පිළිබඳව මධූෂ් දැඩි ලෙස සතුටට පත්වූ
බවත් ඔහු ඒ හරහා තව තවත් අපරාධකාරී ක්‍රියාවන්ට යොමුවූ බවත් කංජිපානි එහිදී ප්‍රකාශ කර ඇත.

ප්‍රශ්න කිරීම්වලදී මාකඳුරේ මධුෂ් සමඟ සම්බන්ධකම් පැවැත්වූ මෙරට දේශපාලනඥයන්ගේත්, පොලිසියේ ඉහළ නිලධාරීන් පිරිසකගේත් නම් ගම්

සහිතව තොරතුරු රැසක් හෙළිකර තිබෙනවා.
මධුෂ්ට ව්‍යාපාර රැසක් තිබුණ බවත් එම ව්‍යාපාර අතර දකුණේ සංචාරක හෝටලයක්ද මධුෂ්ට අයත් බව ඔහු දන්වා ඇත.
එම හෝටලය වෙනත් පුද්ගලයකුගේ නමින් පවත්වාගෙන යන බවද කංජිපානි ඉම්රාන් හෙළිකර ඇත.
මධුෂ්ට අයත් ඉඩම් රැසක් රටපුරා ඇති බවත් ඉඩම් විකිණිමේ ව්‍යාපාරයක්ද ඔහු විසින් ආරම්භකර තිබෙනවා.වාහන කුලී ආයතනයක්ද මධුෂ් ආරම්භ කර තිබෙන අතර එහි ඇතිවූ ප්‍රශ්න ගැනද ඔහු හෙළි කර ඇත.
මධුෂ්ට මෙන්ම කංජිපානි ඉම්රාන්ටද කොළඹ නගරයේ දේපල රැසක් හිමිව ඇති බවද අනාවරණය වී ඇති
අතර කංජිපානි ඉම්රාන්ද දේශපාලනඥයන් රැසක් මෙන්ම පොලිසියේ විවිධ තරාතිරම්වල නිලධාරීන් කිහිප
දෙනකු ඉතා කිට්ටුවෙන් ඇසුරුකර ඇතැයිද ප්‍රශ්න කිරීම් වලින් හෙළිවී තිබෙනවා.
එම නිලධාරින් අතර විශ්‍රාමික නිලධාරීන් දෙතුන් දෙනෙකු සිටින බව ද සඳහන්ය.

කංජිපානි ඉම්රාන් ඩුබායි සිටියදී කොළඹ පොලිස් ස්ථාන රැසක ස්ථානාධිපතිවරුන් සහ අපරාධ අංශයේ
ස්ථානාධිපතිවරුන් කිහිප දෙනෙකුට දුරකතනයෙන් ඇමතුම් දෙමින් මරණිය තර්ජනයන් එල්ලකර ඇති අතර ඒසම්බන්ධයෙන් ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ තමන් තර්ජනය කළේ නීති ගරුක අවංක පොලිස් නිලධාරීන්ට නොව, තමන්ගේ ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි සමග එක්ව කටයුතු කළ නිලධාරීන්ට බවයි.

මාකඳුරේ මධුෂ් ඩුබායි රටට 2015 වසරේදී ගෙන්වා ගත්තේ තමන් බවත් ඔහුට එරට රැඳී සිටීමට ආයෝජන

වීසා සකස්කර දුන්නේද තමන් බව කංජිපානි ඉම්රාන් පොලිස් ප්‍රශ්න කිරීම් වලදී හෙළිකර තිබෙනවා.

මධුෂ්ගේ මුදල් ආයෝජනය කර ආරම්භ කළ ‘ඩ්‍රොප් මී ‘ වාහන කුලී ආයතනයේ හිමිකරු ලෙස පෙනී සිටි කංජිපානි ඉම්රාන්ගේ අඹ යහළුවෙකු වන රිස්ඛාන්ව ඝාතනය කළ පුද්ගලයාගේ හිස ගසා දැමීම ඩුබායි සිට මධුෂ් ඇතුළු පිරිස සජීවීව නැරඹු බවද හෙළිකර තිබෙනවා.

“රිස්ඛාන් අහිංසකයෙක්. මිනිහගෙ නමින් ඩ්‍රොප් මී පටන්ගන්න කොට මධුෂ් අයියට මම කිව්වා එයාව මේ වැඩවලට ගාව ගන්න එපා කියලා. ඇහුවේ නැහැ. අන්තිමට මොකද වුණේ. මධුෂ්ට රිද්දන්න රිස්ඛාන්ඛාන්ට වෙඩි තියලා මැරුවා.
රිස්ඛාන්ව මැරුවේ ගොත අසංක. මිනිහට අපිත් එක්ක ප්‍රශ්නයක් තිබුණා. සමයං මරපු එකට. සමයංගේ තැන දැන් ඉන්නේ ගොත අසංක.

රිස්ඛාන් මැරුවා කියලා දැනගත්තාම මම මධුෂ් අයියා එක්ක රණ්ඩු වුණා. අහිංසකයා මරා ගත්ත කියලා. ඒ වේලාවෙ මධුෂ් අයියා මට කිව්වා උඹ දුක්වෙන්න එපා. ඕකුන්ගෙන් මම පළිගන්නවා කියලා. සතියක් යන්න ඉස්සරින් රිස්ඛාන් මරපු එකාගේ බෙල්ල ගෙනත් රිස්ඛාන් මරපු තැනම තියනවා කියලත් කිව්වා. ඒ වගේම මධුෂ් අයියා කළා. ඒ සතියම මම මධුෂ් අයියා එක්ක කතා කළේ නැහැ.

රිස්ඛාන්ට වෙඩි තියපු කොස්මල්ලි කොහොම හොයාගත්තද දන්නේ නැහැ. වීඩියෝ කෝල් එකක් අරගෙන කොස් මල්ලි එක්කත් මධුෂ් අයියා කතා කළා. කොස්මල්ලි ගහක ගැටගහලයි හිටියේ. දැන් උඹගේ බෙල්ල කපලා මරනවා කියලත් කොස් මල්ලිට කිව්වා. අන්තිමට ඒ කිව්වා වගේ බෙල්ල කපලා රිස්ඛාන්ගේ ගේ ගාවට ගිහින් දැම්මා. බෙල්ල කපල මරන එක මධුෂ් අයියා වීඩියෝ කෝල් එකෙන් බලාගෙන හිටියා“ යනුවෙන් පොලිස් ප්‍රශ්න කිරීම්වලදී කංජිපානි ඉම්රාන් හෙළිකර තිබෙනවා.
ඔහුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදුවේ.