මඩුවක් සකස් කිරීම සඳහා සකසා තිබූ කොන්ක්‍රීට් කණු දෙකක් අතර සාරියකින් බැඳ තිබූ ඔන්චිල්ලාවක් පදිමින් සිටි  දැරියක් කොන්ක්‍රීට් කණුව ගැලවී යටවී මිය ගොස් ඇතැයි හෙට්ටිපොල පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ නාගොල්ලාගොඩ,
පහළ පිහිඹිය ප්‍රදේශයේ පදිංචිව සිටි කේ. ඩී. සවින්යා නෙතුලි ගුණරත්න නමැති 4 හැවිරිදි දැරියක බව පොලිසිය කියයි. අනතුරට ලක් වී බරපතළ තුවාල ලැබූ දැරිය හෙට්ටිපොල රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා කුලියාපිටිය ශික්‍ෂණ රෝහලට ඇතුළත්  කිරිමෙන් පසුව මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

තුන් හැවිරිදි නංගී සහ හය හැවිරිදි අක්කා නිවස පිටුපස දර මඩුවක් සකස් කිරීමට තිබූ කොන්කීට් කණු දෙකක් අතර ඔන්චිල්ලාවක් බැඳ සෙල්ලම් කිරීමට ගොස් මෙම අනතුර සිදු වී ඇතැයි පොලිසිය කියයි.
කුලියාපිටිය නාගරික හදිසි මරණ පරීක්‍ෂක එන්.ජී. හෙට්ටි ගමගේ මහතා මරණ පරීක්ෂණය සිදුකළ අතර පශ්චාත් මරණ පරීක්‍ෂණය කුලියාපිටිය රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිණී ජීවනී මල්කාන්ති මහත්මිය ඊයේ (9) සිදු කළාය.

-චාමර විමලරත්න-