ඉතිහාසයේ ශ්‍රී ලංකාවට ලැබුණු විශාලතම මුල්‍ය ප්‍රදානය ලෙස ඇමරිකානූ ඩොලර් මිලියන 480 ක්(දළ වශයෙන් රුපියල් කෝටි 8400 ක් පමණ) ලබාදීමට අද එකඟතාව ලැබුණ බව මුදල් අමාත්‍යංශය දන්වා සිටී.

ඇමෙරිකානු රජයේ මිලේනියම් චැලෙන්ජ් අරමුදල මෙම ප්‍රදානය ලබාදීම විශේෂිතය.


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමට අනුව මිලේනියම් චැලෙන්ජ් අරමුදල ඒ ගැන සලකා බලා තිබූ අතර වොෂින්ටන් නුවර අද (25) පැවති රැස්වීමකදී මෙම මුදල් අනුමතවී තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති තුනක් වෙනුවෙන් වසර 5 ක් ඇතුළතදී එම මූල්‍ය ප්‍රදානය පිරිනැමීමට නියමිත වන අතර එම ව්‍යාපෘති කොළඹ හා තදාසන්න මාර්ග තදබදය අවම කිරීමේ ව්‍යාපෘති සහ කොළඹ කේන්ද්‍රය වෙත සබරගමුව,ඌව,නැගෙනහිර,උතුරු මැද හා වයඹ  සිට ඉක්මණීන් ළඟාවන මාර්ග තැනීම වෙනුවෙන් වෙන් කර තිබේ.

මෙම මුදල් ලබාදීම මෑතකදී සිදුවූ ප්‍රහාරයට දෙන ආධාරයක් නොවන අතර ඊට සම්බන්ධයක් නැත.