https://www.gossiplankanews.com/2019/04/john-amaratunga-fake-story.html#more
සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය 78 හැවිරිදි ජෝන් අමරතුංග සමග තරුණ කාන්තාවක පෙනී සිටින ඡායාරූප දෙකක් පසුගිය දිනවල ෆේස්බුක් තුළ සංසරණය විය.
මෙම ඡායාරූප සමග පැතිරුණ කථාව වූයේ ඔහු අනියම් ඇසුරක් පවත්වන කාන්තාවක සමග
මෙම ඡායාරූප ලබාගෙන ඇති බවකි.
එක් ඡායාරූපයකින් දැක්වුනේ සෙල්ෆියකි.එහි කාන්තාව ඡායාරූපය ලබාගන්නා අතර ඇය වම් අතින් පිරිමියාගේ අතක් අල්ලා සිටින අයුරු දැක්වේ.
දෙවැනි ඡායාරූපය වැඩිහිටියන්ට වඩාත් සුදුසු ගණයේ එකකි. එහි ලිංගික සබඳතා ඉරියව්වක් දැක්වෙන අතර පිරිමියා දිගාවී කාන්තාව පිරිමියා මත වාඩිවී සිටින සෙයක් දැක්වේ.
මෙම ඡායාරූප දෙකම ෆොටෝෂොප් ඇසුරින් සකස්කළ ඒවා බව හඳුනාගන්නට ලැබේ. මෙම ඡායාරූප දෙකෙහිම බ්‍රයිට්නස් අගය වැඩි කළ විට එක එකෙහි ඡායාරූප දෙකක එකතුවක් ඇති බව පහසුවෙන් හඳුනාගන්නට ලැබේ.

කාන්තාව හා පිරිමියාගේ සෙල්ෆියේ පිරිමියාගේ තරුණ අත මෙයට සාක්ෂි සපයන නමුත් එම සංස්කරණය තරමක් සාර්ථක නිසා බැලුබැල්මට සකස්කළ එකක් ලෙස නොපෙනෙයි.

ලිංගික ජවනිකාවක් පෙන්නුම් කළ ඡායාරූපයේ බෙල්ල අසළ පාට දෙකක් වන අයුරු හා කකුල් දෙක වයස 78 ඇමතිවරයාගේ බව නොතේරෙන ගතිය නිසා ‍ෆොටෝෂොප් ඇසුරින් සකස්කළ බව ඉතා පැහැදිලිය.
ජොන් අමරතුංග ඇමතිවරයා සම්බන්ධයෙන් මීට ඉහත 2018 ජනවාරි මාසයේද නානකාමරයක නිරුවතින් සිටින ඡායාරූපයක් අන්තර්ජාලයට යොමුවී තිබූ අතර ඔහු ප්‍රධාන ධාරාවේ මාධ්‍ය අමතා ඒ තමා නොවන බව ඒ දිනවල කියා තිබුණි. මෙවරද ඔහු මෙම ඡායාරූප බොරු ඒවා බව මාධ්‍ය වෙත දන්වා ඇත. ඔහු මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබෙන බවත් මෙම ඡායාරූප අන්තර්ජාලයට යොමුකළ අය මේ වනවිට සොයමින් තිබෙන බවත් වාර්තාවේ.

මෑතකදී නිකුත්වූ මියුසික් වීඩියෝවකටද මෙම ඡායාරූප ඇතුළත් විම සුවිශේෂ සංසිද්ධියක් ලෙස පරීක්ෂණ කන්ඩායම හඳුනාගෙන තිබෙන අතර එය පසුපස එම මියුසික් වීඩියෝව ජනප්‍රිය කරගැනීම සඳහා 'ජෝන්ගේ හිට් එකක්' නිර්මාණය කිරීමට කිසියම් කණ්ඩායමකට අවශ්‍යවී මෙලෙස සිදු කළාද යන්න ගැනද සැකයක් මතුව තිබේ.
මීට ටික කාලයකට ඉහත ඇමතිවරයා සම්බන්ධ කර උත්තේජක ඖෂධයක් සම්බන්ධ කටකතාවක්ද පැතිරුණ අතර ඔහු අධිමාත්‍රාවකට ප්‍රතිකාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලික රෝහලකට ගිය කතාවක්ද පාර්ලිමේන්තුවේ විහිළු වලට මාතෘකාවක් විය. කෙසේ වෙතත් එම සිද්ධියට සාක්ෂි නොතිබීම මත අලුත් නිර්මාණකරු සාක්ෂියක් කෘත්‍රිමව නිර්මාණය කර හිට් එකක් කරගැනීමේ උපායක් යොදා ඇතිද යන්න ගැන පරීක්ෂණ සිදුවේ.
මේ සමග පළවන්නේ ඇමතිවරයාගේ නිල ෆේස් බුක් පිටුවේ මෙම කාරණාව ගැන දක්වා තිබෙන අදහසයි.