https://www.gossiplankanews.com/2019/04/iraj-music-video-naveen-suratha.html#more
ලකට ඉහත අපූරු මියුසික් වීඩියෝ නිර්මාණය කළ ශීල්පියෙකු වූ ඉරාජ් වීරරත්න මේ වනවිට සිදු කරන්නේ යූටියුබ් නැරඹුම් ලබාගැනීම සඳහා වැඩි දෙනෙකු නරඹනු ඇතැයි ඔහු සිතන දර්ශන හා ඒවාට ගැළපෙන  මොනවාහෝ වචන එක්කාසු කළ ගීතමය අරුතක් නැති
වීඩියෝ සෑදීමය.
යූටියුබ් නාලිකාවල නැරඹුම් මිලියන ගණනින් ලබද්දී ඔහුට එයට සාපේක්ෂව මුදල් ඉපැයිය හැකි නිසා ඔහු මේ ආකාරයේ නිෂ්පාදන වලට අතගසා ඇත්තේ කලෙක සිටය.

නදීශා හේමමාලිගේ සිපගැනීමෙන් පටන්ගෙන අනතුරුව නිරූපිකාවන්ගේ නිරුවත පිළිබඳ විවිධ අත්හදාබැලීම් වීඩියෝ නිකුත් කළ ඔහු එම අංශයේ සාර්ථකත්වය ලැබීය. පසුව ඔහු සිය ක්ෂෙත්‍රයේ ප්‍රවීණයෙකුවූ වික්ටර් රත්නායක ගායකයාගේ පුද්ගලික ජීවිතය අලෙවිකරණයේ යෙදීම නිසා විවාදයට ලක්විය.

නිරන්තරයෙන් මහින්ද පිල වෙනුවෙන් පක්ෂපාතීත්වය දක්වන ඉරාජ් මෙම වීඩියෝ පළකරද්දී සුළු වශයෙන් හෝ සිය දේශපාලන මතය ඔබ්බවා ගැනීමටද උත්සාහ කරයි.

මෙවර තෝරාගෙන ඇති මාතෘකාව ගමේ කොලුගැටව් ලබන ලිංගික සංතෝෂයයි.කෙල්ලන් නානහැටි බලා සිටින කොල්ලන් ගැනත් කාඩ්බෝඩ් පෙට්ටියේ හිලකින් අසභ්‍ය රූප පෙන්වන කොල්ලන් ගැනත් ඔහු මෙහිදී රූප පෙන්වයි.

එම රූප අතර මංගල සමරවීරගේ හාදුව,රනිල් උඩුකය නැතිව පිරිමින් සමග සිටි හැටි මෙන්ම මෑතකදී ආන්දෝලනයක් ඇති කළ ජෝන් අමරතුංගගේ අනියම් ඇසුරක රූපයක්ද තිබෙයි. මීට කලකට ඉහත අන්තර්ජාලයේ ප්‍රකට වූ ජනපති මෛත්‍රිපාල සිරිසේන උත්සවයකදී ගැයූ 'අමරබන්දු රූපසිංහ' ගීත ඛණ්ඩයද එම හඩින්ම ඇතුළත් කර ඇත.
මේ වීඩියෝව මැද නාන ගැමි ළඳුන්ගේ පියයුරු අග්ගිසි නිරාවරණය කරන හා පිරිමින්ගේ ධාතු පහවීම පෙන්නුම් කරන ජුගුප්සාජනක රූප පෙළක්ද ඉතා අශෝභන ලෙස අන්තර්ගත කොට ඇත.
මෙම වීඩියෝ නිෂ්පාදනය අවසානයේ උපුල් ශාන්ත සන්නස්ගල එජාපය විසින් විනාශ කළ බවට සටහනක්ද ඉරාජ් තබා ඇත.
මෙම වීඩියෝව අප්‍රසන්න එකක් බවට ඇමති නවීන් දිසානායක ෆේස් බුක් ඔස්සේ මේ වනවිට සටහනක් තබා ඇති අතර ඉරාජ්ද එයට පිළිතුරක් ලබාදී ඇමති නවීන්  නැවත පිළිතුරු සපයා ඇත.
ඒවා පහතින්