මීට වසර දෙකකට පමණ පෙර අතුරුදහන් වූයේ යැයි පැවසෙන පුද්ගලයෙකු ඝාතනය කර ගිනි තැබීම සම්බන්ධයෙන් එම පුද්ගලයාගේ බිරිඳ හා තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලීසිය
පවසයි. 
මෙසේ ඝාතනය කොට ඇත්තේ ගෝනපොළ, කුඹුක පදිංචිව සිටි සිවකුමාර් පෙරුමාල්, නන්දකුමාර් නම්වූ 48 හැවින්වු පුද්ගලයෙකි.

තමා සමග නිතර අඩදඹර කරන මොහු 2017 පෙබරවාරී 17 වන දින සිට අතුරුදන්ව සිටින බව කියමින් මිය ගිය පුද්ගලයාගේ බිරිද මොරගහහේන පොලීසියට පැමිණිලි කර ඇති අතර, ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය මගින් පරික්ෂණ ආරමේභ කර තිබුණි.

මීට දින දෙකකට පෙර පොලීසියට ලද තොරතුරක් මත ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ 16 හැවිරිදි වැඩිමහල් පුතණුවන් වන සිවලිංගම් නාගමලර් (16) යන අය පසුගියදා (01). පොලිසියට කැඳවා ප්‍රශ්න කිරීමේදී සිදුකළ ප්‍රකාශයක් අනුව සැකකරු හා සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ. අනතුරුව සැකකාර කාන්තාව සහ පුද්ගලායා පොලිස් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම්වලදී මෙම ඝාතනයේ සුලමුල සොයා ගැනීමට හැකි  වූ බව පොලීසිය පවසයි.

මොරගහහේන පොලිස් ස්ථානාධිපති චන්දන ප්‍රියකුමාර මහතා ඇතුළු නිලධාරීන් දිගින් දිගටම මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ අතර 2017 ජුනි මස 19 වැනි දින මේ පිළිබදව හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරිය ඊයේ (02දා) හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. සිද්ධිය සම්බන්ධයන් මොරගහහේන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.