පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ සමීපතම ගෝලයකු වූ අපරාධ රාශියකට සම්බන්ධව බන්ධනාගාරගතව සිටින 'හරක් කටා' නමැති අපරාධකරුගේ මෙහෙයවිමෙන් කලක සිට පවත්වාගෙන යන හෙරොයින්
ජාවාරමකට සම්බන්ධ කාන්තාවක් මාතර වල්ගමදී (29දා) අත්අඩංගුවට ගැනීමට මාතර දිසා දූෂණ මර්දන ඒකකය සමත් විය. කොට්ඨාස දිසා දූෂණ මර්දන
ඒකකයට ලැබුණු තොරතුරක් මත පොලිස් නිලධාරීන් සිදු කළ වැටලිමකින් හෙරොයින් සමඟ මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

ඇය වැලිගම මිරිස්ස ප්‍රදේශයේ සුප්‍රසිද්ධ ‘කුඩු පාලිකා' නමින් හඳුන්වන කාන්තාවගේ දුව වන "කුඩු දෝණි" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන එක් දරු (28) මවකි. මාතර, වැලිගම, දික්වැල්ල, තංගල්ල සහ අම්බලන්ගොඩ යන ප්‍රදේශවලට කුඩු බෙදාහැරිම මැය මගින් සිදුවන බව මූලික පොලිස් පරික්ෂණවලින් අනාවරණය විය. මෙලෙස අත්අඩංගුවට පත් කුඩුවල වටිනාකම රුපියල් ලක්ෂ විස්ස ඉක්මවන බව මාතර දූෂණ මර්දන ඒකකය පවසයි. මිරිස්ස ප්‍රදේශයේ සහ වැඩි වශයෙන් සංචාරකයන් ගැවසෙන ප්‍රදේශවල මෙම මත්ද්‍රව්‍ය අලෙවි කරන බව වාර්තා වේ.

-උදය කුමාර රණවීර-