https://www.gossiplankanews.com/2019/04/dimuth-license-cancelled.html

බිමතින් රිය පදවා රිය අනතුරක් සිදුකළ ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්නව ඇප මත මුදා
හැරිමට කොළඹ රථ වාහන මහේස්ත්‍රාත්

සාලිය චන්න අබේරත්න මහතා අද (01) නියෝග කළා.

මෙහිදි මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේ දිමුත් කරුණාරත්න ගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවන ලෙසයි. එමෙන්ම වෛද්‍ය පරික්ෂණයක් සදහා ඔහුව නුගේගොඩ පිහිටි ජාතික රථවාහන මධ්‍යස්ථානයේ වෛද්‍ය පරික්ෂණාගාරය වෙත යොමු කරන ලෙසද පොලිසියට නියෝග කර සිටියා.

මෙහිදි දිමුත් කරුණාරත්න විවෘත අධිකරණයේදි ප්‍රකාශ කර සිටියේ රිය අනතුරෙන් තුවාල ලැබු රියදුරාට සිය වියදමින් නව ත්‍රිරෝද රථයක් ලබා දෙන බවයි.

නඩුව යළි මැයි 02 වැනිදාට කැදවන්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.