https://www.gossiplankanews.com/2019/04/grade-5-exam-change.html
හේ ශිෂ්‍යත්ව විභාගය රජයේ සියලු පාසල් සිසුදරුවන්ට අනිවාර්ය කරමින් 1995/16 අංක දරන චක්‍රලේඛය අහෝසි කරන්නට අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් පියවර ගෙන තිබේ ඒ වෙනුවට  08/20/2019 අංකයෙන් අලුත් චක්‍රලේඛයක් ප්‍රකාශ කර ඇති
ඇමතිවරයා
මින් ඉදිරියට  පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම අනිවාර්ය නොවන බව දන්වා තිබේ.
නියමිත ආදායම් සීමාවට වඩා අඩු ආදායම්ලාභී පවුල්වල සිටින ඉගෙනීමට දක්ෂ දරුවන්ට ශිෂ්‍යාධාර
ලබාදීම සඳහාත්, පාසල්වල හයවැනි ශ්‍රේණියට සිසුන් තෝරාගැනීම සඳහාත් මෙම විභාගය ඉදිරියේදී
 පරීක්ෂණයක් වශයෙන් වාර්ෂිකව පවත්වන බවත් ඒ සඳහා වැඩි ආදායම් පවුල්වල දරුවන්ට කැමතිනම් පමණක් සහභාගීවිය හැකි බවත් දන්වා ඇත.

සමත්වන සිසුන් පාසල්වල හයවැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී අදාළ චක්‍රලේඛ උපදෙස් පරිදි පහසුකම් හා

සේවා ගාස්තු, පාසල් සංවර්ධන සමිති ගාස්තු වැනි අනුමත ගාස්තු හැර වෙනත් ආධාර මුදල් අය කිරීම හෝවෙනත් පරිත්‍යාගයක් ලබාගැනීම සම්පූර්ණයෙන් නිදහස් කර ඇත.
ප්‍රාථමික මට්ටමින් පමණක් පවත්වන පාසල්වල සිසුන් ශිෂ්‍යත්වය සමත් නොවේ නම් වෙනත් පාසල් ලබාදීම කලාප අධ්‍යාපන කාර්යාලවලින් සිදුවිය යුතු බවද දන්වා ඇත.
ශිෂ්‍යත්වයට තම සිසුවා පෙනීසිටිනවාද නැද්ද යන්න ගැන පාසල් මට්ටමින් ලිපිගොනුවක් පවත්වා යායුතු බවත් දන්වා ඇත.
ශිෂ්‍යත්ව විභාගය ප්‍රවර්ධනය කරන පෝස්ටර් බැනර් තහනම් කිරීමටද චක්‍රලේඛය දන්වා තිබේ.‍වර්තමානය  වන විට අධ්‍යාපනයේ මූලික අරමුණෙන් බැහැර වෙමින් ශිෂ්‍යත්ව විභාගය හරහා ශිෂ්‍ය
විවිධත්වය හා බුද්ධි වර්ධනයේ විෂමතාවන් නොසලකාහරිමින්  කුඩා දරුවන්ගේ මනසට අහිතකර බලපෑම් ඇති
කරවන අයුරින් කෘත්‍රිම සහ අනවශ්‍ය තරගකාරී බවක්නිර්මාණය  කර තිබෙන බව ළමා
මනෝවෛද්‍ය විශේෂඥවරුන්ගේ සහ අධ්‍යාපනඥයන්ගේ මතය වී තිබෙන බව ඇමැති අකිල විරාජ් කාරියවසම් අවධාරණය කරයි.

බොහෝ අවස්ථාවලදී අඩු ආදායම්ලාභී එසේම  ශිෂ්‍යාධාර ලබාගත යුතු පවුල්වල දරුවන්ටත් වඩා
ප්‍රධාන ජාතික පාසල්වල සිසුන්, ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විශාල පීඩනයකට හසුවන බවත්
ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් දරුවන් සහ අසමත් දරුවන් ලෙස සිසු දරුවන් වෙන් කරමින්. නිර්මාණය වන “බෙදීම” තුළ කුඩා දරුවන් විශාල වශයෙන් මානසික  අර්බුදයන්ට ලක්වන බවත්
ඔවුන්ගේ මානවීය ගුණාංග සංවර්ධනය සඳහාද එය අහිතකර වන බවත් ඇමැතිවරයා සඳහන් කරයි.
කෙසේ වෙතත් මෙම තීරණය අනුව 5 ශිෂ්‍යත්වයට විකල්ප ලබාදීම පමණක් සිදුකර තිබෙන අතර ජනපති මෛත්‍රිපාල සිරිසේන දන්වා සිටි පරිදි අහෝසි කිරීමක් තවම සිදු කර නැත.