ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතර විශේෂ සකාච්ඡාවක් කිරුළපන පිහිටි 'එළිය' සංවිධානයේ ප්‍රධාන කාර්යාලයේදී පෙරේදා (17) පැවැත්විණි. ඉදිරි
ජනාධිපතිවරණය හා අපේක්‍ෂිකත්වය
පිළිබඳව හිටපු ආරක්ෂක ලේකම්වරයා සමග එහිදී දිර්ඝව සාකච්ඡා කළ බව ද ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු  මන්ත්‍රි වසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

ආර්ථික, සමාජ හා දේශපාලන වැනි ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව තම පක්ෂයේ ස්ථාවරය පිළිබඳව එහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කළ බවද මන්ත්‍රීවරයා කීය. ඒ සදහා හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණු බව ද මන්ත්‍රීවරයා පැවැසීය.  තමන්ට දේශපාලනය නුහුරු දෙයක් බවත් තමන් මේ වනවිට එයට හුරුවෙමින් සිටින බවත් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මෙම සාකච්ඡාළෙදි පැවැසූ බව කී නානායක්කාර මන්ත්‍රීවරයා ගෝඨාභය රාජපක්ෂ මහතා තුළ අලුත් පරිවර්තකනයක් සිදුවෙමින් තිබෙන බවද කීය.  කෙසේ වෙතත් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන්නේ නම් ඔහුට සහාය දෙන්නේද, නැද්ද යන්න තම පක්ෂය තවදුරටත් සාකච්ඡා කරන බවද වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා පැවැසීය.