ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කළ ගායන ශිල්පී නදීමාල් පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (18) කැඳවා තිබුණි.
මාකඳුරේ මදුෂ්ගේ දියනියගේ උපන්දින සාදයට මුදලට
ගී ගැයීම සඳහා අමල් පෙරේරා වන
සිය පියාගේ මගපෙන්වීම යටතේ දැනුවත්ව ඩුබායි බලා ගමන් කිරීම හා කළු සල්ලි වලින් සිදුවන ගනුදෙනු සඳහා සිය කලා දායකත්වය ලබාදීම මත ඔහු හා පාතාලය අතර ඇති සම්බන්ධය විමර්ශනය පිණිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පරීක්ෂණ සිදු කරයි.
ඒ අනුව  ගායන ශිල්පී නදීමාල් පෙරේරා  කට උත්තර ලබාදී ඇති අතර ඉන්පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේ වන විට පිටව ගොස් ඇත.
නදීමාල් පෙරේරා මීට පෙරද කටුනායක ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කර මුදාහැරි තිබුණි.
තමන් සීඅයිඩීයට ලබාදුන් තොරතුරු ගැන මාධ්‍ය කළ විමසීම් ඔහු මින් පෙර මෙන්ම අදද මගහැරියේය.