නව අගවිනිසුරුවරයා ලෙස නීතිපති ජයන්ත ජයසූරිය මහතාගේ නම අද රැස් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කළ බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්
නීල් ඉද්දවල මහතා පවසයි.

නියෝජ්‍ය මහ ලේකම්වරයා පැවසුවේ, නව විගණකාධිපතිවරයා ලෙස චූලන්ත වික්‍රමරත්න මහතා පත් කිරීමට ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබාදී ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කළ නම් ජනාධිපතිවරයා වෙත දන්වා යැවීමට නියමිත බව ද ඔහු සඳහන් කළේ ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද(26) පෙරවරුවේ එහි සභාපති කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස් වූ එහිදි මේ අය නව තනතුරු සඳහා පත්කරන්නට අනුමැතිය හිමි විය