https://www.gossiplankanews.com/2019/04/6-with-amal-perera-arrested.html
 පාතාල නායක මාකඳුරේ මධූෂ්  ඩුබායි හිදි පැවැත්වූ සාදයකට මුදලට ගී ගැයීම සඳහා සහභාගිවී සිටියදී අත්අඩංගුවට පත්වූ ගායක අමල් පෙරේරා ඇතුළු 6 දෙනෙකු මාස එකහමාරක් පමණ එරට රක්ෂිත බන්ධනාගාරයේ සිටීමෙන් අනතුරුව මෙරටට පිටුවහල් කර
එවා තිබේ.
ඔවුන් සියලුදෙනා

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන ඇති බව පොලිසිය දන්වා ඇත. අද අළුයම 5 ට පමණ ගුවන් තොටුපළට පැමිණි යූඑල් 226 ගුවන් යානයෙන් ඔවුන් මෙරටට පැමිණ තිබුණි.
නිවසේ තිබී මත් කුඩු සම්බන්ධ උපාංග හමුවීම දියමන්ති මැණික් මංකොල්ලය හා ජනපති ඝාතන තැත සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය සැකකරුවෙකු වන අමල් පෙරේරා අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට ඉඩ තිබෙන බවද වාර්තාවේ.
අමල් පෙරේරා ඩුබායිහිදී අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ ගායක ගායිකා සංගමයේ ප්‍රධාන කීර්ති පැස්තුවල් මහතා දන්වා සිටියේ ඔහු අහිංසකයෙකු බවත් හසුවූයේ තම වෘත්තිය අනුව ඩුබායිහි ගී ගැයීමට යාමේදී බවත්ය.