සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් පාරිභෝගිකයන්ට සහන සැලසීම සඳහා භාණ්ඩ වර්ග 200ක මිල
ගණන් පසුගිය 05 වැනිදා සිට
අඩු කළ බව ලංකා සතොස ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි රොෂාන් එස්. හස්සන් මහතා පැවසීය.

රතු පරිප්පු රුපියල් 112 සිට රුපියල් 110 දක්වාද, දේශීය සම්බා රුපියල් 88 සිට රුපියල් 84 දක්වාද, රතු සහල් රුපියල් 59 සිට රුපියල් 57 දක්වාද, සුදු සහල් රුපියල් 70 සිට රුපියල් 67 දක්වාද, සුදු සීනි රුපියල් 99 සිට රුපියල් 97 දක්වාද, හාල් මැස්සන් රුපියල්  680 සිට රුපියල් 669 දක්වාද, ටින් මාළු රුපියල් 200 සිට රුපියල් 195 දක්වාද, ලොකු ළූණු රුපියල් 79 සිට රුපියල් 75 දක්වාද මෙසේ මිල ගණන් අඩු කර තිබේ.

-චානක ඉනොජ්-