https://www.gossiplankanews.com/2019/04/18-rayan-police-reveal.html
පාතාල නායක මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායිහීදී අත්අඩංගුවට ගැනුණු රංගන ශිල්පී රයන් වෑන්රූයන් ඇතුළු පස්දෙනෙකු එරටින් පිටුවහල් කිරීමෙන් පසු ඊයේ අලුයම දිවයිනට පැමිණි පසු පොලිස් අත්අඩංගුවට පත්විය. දෙරණ නාලිකාවේ විකාශය වූ දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ ලයනල් සඳුන් නමැති චරිතය නිසා ජනප්‍රිය රයන් 5.25 ට පමණ කටුනායක - බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL
– 266 දරණ ගුවන් යානයෙන් පැමිණි අතර එහිදී ඔහු ඇතුලු පිරිස ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය භාරයට ගැනීමෙන් අනතුරුව රඳවාගෙන ප්‍රශ්න කිරීම සිදු විය.
රයන් වන්රූයන් පාතාල සම්බන්ධතා ඇති අයෙකු ලෙස නොව රංගන ශිල්පියෙකු ලෙස සමාජයේ

නමක් දිනා සිටීම නිසා ඔහු සමග පාතාල කටයුතු වලට යොමුවූ අය

ඔහුගේ ප්‍රසිද්දියෙන් අයුතු ප්‍රයෝජන ගෙන විවිධ වැඩ කරවාගෙන ඇතිය යන සැකය පොලිසියට මුල සිට පැවතිණි. ඔහු ඩුබායි යන්නට පෙර රුපියල් කෝටි 500 දියමන්තිය සහ මැණික් කොල්ලය සම්බන්ධයෙන් විමර්ශනය කළ මිරිහාන විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් ඔහුගෙන් ප්‍රශ්න කිරීමක්ද සිදු කර තිබූ අතර ඔහු නැවත ඩුබායි සිට පැමිණි පසු එම ප්‍රශ්න කිරීමේ ඉතිරි කොටස සඳහා සහභාගී වන බව දන්වා තිබුණි.

ඒ අනුව ඊයේ රයන් කටුනායකදී හසුවිමෙන් පසුව  මිරිහාන විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් ඔුහ වෙත පැමිණ ඒ සම්බන්දයෙන් වැඩිදුර විමර්ශනය සිදු කර තිබුණි. මේ වනවිට කෝටි 500 දියමන්තිය හිමිකරු වෙත ලැබී ඇති නමුත් එම මංකොල්ලය සිදුවූ ආකාරය පිලිබඳ සම්පූර්ණ නඩුව අහවරවී නැත.
රංගන ශිල්පී රයන් වෑන් රූයන් එම දියමන්ති කොල්ලයෙන් පසු

එය සඟවා රැගෙන ඩුබායි වෙත ගොස් මදුෂ්ට ලබාදීමට සැලසුමක් තිබුණ බවට මින් ඉහත වාර්තා පළවිය.
තමා මාකදුරේ මධූෂ්ව හදුනාගත්තේ මීට පෙර ඩුබායි බලා ගිය අවස්ථාවක ගායන ශිල්පී අමල් පෙරේරා
මාර්ගයෙන් බව රංගන ශිල්පී රයන් වෑන් රූයන් පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ඊයේ ප්‍රකාශ කළ බවද වාර්තාවී තිබේ.

ඒ නිසා තමාට මදුෂ් සමග සෘජු සම්බන්ධයක් නැති නමුත් අමල් පෙරේරාට සෘජු සම්බන්ධයක් පැවති බවට ඔහු ඒ අනුව ඉඟි කර තිබේ.
 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඊයේ පැය 18 කට ආසන්න වේලාවක් රංගන ශිල්පී රයන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් පසුව ඔහු වැලිගම පොලීසියට භාර දී ඇති බව අද උදෑසන වාර්තා විය.
 එයට හේතුවී ඇත්තේ ඔහු ගමන් කළ මෝටර් රථයේ තිබී ගංජා සොයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ය.

රයන් සමග ඊයේ පැමිණි මොහොමඩ් වෂීම්ඩීන්, දිමුතු සුරන්ත පෙරේරා, සුරාජ් කාවින්ද සිල්වා සහ කඹුරුපිටියේ  චරිත් පත්මන් යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ගුවන්තොටුපොළ නිලධාරීන් මේ වන විටත් ප්‍රශ්න කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
මාකඳුරේ මධුෂ් සමග ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත් වූ පිරිසෙන් මේ වන විට දිවයිනට එවා ඇති පුද්ගලයින් සංඛ්‍යාව 13කි.
ගුවන් තොටුපළේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රයන් කියා සිටියේ තමන්ට අසාධාරණයක් සිදු වූ බවත් පොලිස් පරීක්ෂණ වලින් අනතුරුව ඉක්මනින්ම මාධ්‍ය කැඳවා තමන් සියල්ල හෙළි කිරීමට සූදානම් බවත් ය