https://www.gossiplankanews.com/2019/04/10-mahiyangana-funeral.html
සුගියදා අවාසනාවන්ත ලෙස 10 දෙනෙකුට මරු කැඳවමින් මහියංගනදී සිදුවූ මාර්ග අනතුරේ මියගිය අයගේ භූමිදාන කටයුතු ඊයේ  සිදුවිය.
මඩකලපුවේ පදිංචි එකම මුල් ඇති පවුල් 3 කට අයත් අය මෙලෙස මියගොස්  තිබූ අතර
පිරිමි 4 ක් කාන්තාවන් 3 ක් හා දරුවන් 3 ක් මෙම

අනතුරින් මියගියා.
තුවාල ලද දැරියන් දෙදෙන තවමත් බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතරවාරයේ මොවුනගේ අවසන් කටයුතු සිදුවිය. එම දෙදෙනාගේ ජීවිත අවදානමක් නැති බව වෛද්‍යවරුන් දන්වා සිටීමද සුබදායී ආරංචියකි.
මඩකලපුව ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී අවසන් කටයුතු සිදුවූයේ ඥාතීන්ගේ සෝසුසුම් මැදයි.