උසස් මාධ්‍ය සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කිරීම උදෙසා මාධ්‍යවේදීන් විසින් සිදු කරනු ලබන මෙහෙවර සහ
ඔවුන්ගේ නිර්මාණශීලි
දායකත්වය ඇගයීම සදහා පවත්වන ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල ලබන 10 බදාදා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
අයඳුම්පත් 1674 ක් සලකා රූපවාහිනි, ගුවන්විදුලි, පුවත්පත් හා වෙබ් මාධ්‍ය සදහා මෙහිදී විශිෂ්ට මාධ්‍යවේදීන් 54 දෙනෙකුට සම්මාන පිරිනැමෙන අතර ප‍්‍ර‍්‍රවීණයන් කිහිපදෙනෙකුට, දිවියේ එක් වරක් පමණක් පිදෙන ”ජුරියේ විශේෂ සම්මාන” හා මුදල් ත්‍යාග පිරිනැමීමට ද නියමිතය.
ඉදිරියේදී වාර්ෂිකව පැවැත්වීමටද අපේක්ෂිතය.