ලන්ඩන් නුවර දෙමළ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ලබා ගනිමින් සිටි දෙමළ ඩයස්පෝරාවට අයත් මනිවාදන්
සහ අශෝක් ලිංගම් යන දෙදෙනා
ලන්ඩන් පොලිසිය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු මනිවාදන් පොලිසිය භාරයට ගත් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ලන්ඩන් නුවර එළිය සම්මන්ත්‍රණය පැවැති අවස්ථාවේදී මනිවාදන්, එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරී පිරිසක් කැටුව පැමිණ එම ස්ථානයේ උද්ඝෝෂණයක නිරත වී ඇත.

මනිවාදන් සහ අශෝක් ලිංගම් විනාඩි 15ක පමණ කාලයක් තිස්සේ දෙමළ ව්‍යාපාරික ස්ථානවලින් කප්පම් ලබාගන්නා අන්දම ලන්ඩන් පොලිසිය නිරීක්ෂණය කිරීමෙන් පසු මොවුන් අත්අඩංගුවට  ගෙන තිබේ.