https://www.gossiplankanews.com/2019/03/scout-practise-student-dies-at-home.html
ගිරාඋල්ල විද්‍යාලයේ 10 වසර ඉගෙනුම ලබන 14 හැවිරිදි ශිෂ්‍යයකු ලනුවකට ගෙළ සිරවී අවාසනාවන්ත ලෙස මියයාමේ සිදුවීමක් ගම්පොළින් වාර්තාවෙයි.
ඔහු පාසලේ බාල දක්‍ෂ පුහුණුවේ ලද අත්දැකීම් ඔස්සේ කඳවුරකට අවශ්‍ය ලණු මගින් සිදුකරනු ලබන විවිධ වර්ගයේ ගැට දැමීම නිවසේ පුහුණු වෙමින් සිටියදී
එම ගැට සහිත තොණ්ඩුවක් ගෙලට දමා පුහුණු වීමට යෑමේදී ගෙල සිරවී මියගොස් ඇතැයි වාර්තාවේ.
මෙසේ මියගොස් ඇත්තේ කරගල මීතලාව පදිංචි කරුණාපේඩිගෙදර නිමෝන් ඉෂාන් චන්ද්‍රරත්න නමැති ශිෂ්‍යයාය.
පාසලේ සවස 4 වන තුරු බාලදක්‍ෂ පුහුණුවේ නිරතව සිට නිවසට පැමිණ පසුව නිවසේ තිබූ

ලණුවක් රැගෙන කාමරයකට ගොස් එම ලණුවෙන් නැවත ගැටගැසීම් පුහුණු වී තිබේ. පසුව එම පාඩමට අයත් රුවල් ගැටේ යොදා ලණුව බෙල්ලට දමා ගැනීමෙන් පසු කාමරයේ වහලේ බාල්කයට ලණුව දමා පහළට බැසීමට උත්සාහ ගැනීමේදී ගෙල සිරවී මෙම සිසුවා මියගොස් තිබේ.
සිකුරාදා (22 දා) සවස 5.30 ට පමණ මෙම සිද්ධිය සිදුවී ඇති අතර කුරුඳුවත්ත පොලිසිය පැමිණ සිසුවාගේ සිරුර ගම්පොල රෝහලට රැගෙන යෑමට කටයුතු කර තිබේ.
සිසුවාගේ මව මෙසේ පැවසුවාය.
‘මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. මියගිය දරුවා තමයි වැඩිමහල් පුතා. එයා ඉස්කෝලේ ගිහින් හවස 4.00 ට විතර ගෙදර ආවා. ඇඳුම් ගලවලා ඇගපත හෝදාගෙන කෑම කාලා ගෙදර තිබුණු ලණුවක් අරන් කාමරයට ගියා.
මම ඇහුවා මොනවද කරන්න ලෑස්ති කියලා. අපට බාලදක්‍ෂ පුහුණුවක් තියෙනවා. ඒක පුරුදු වෙන්න ලෑස්ති වෙනවා කීවා. මම ඒ කාමරයට අල්ලපු කුස්සියේ ?ට කෑම හදන්න ලෑස්ති වුණා. ගෙදර වහලේ සිවිලිමක් නෑ. එයා කාමරයේ උඩට නැගලා බාල්කයට ලණුව දානවා මම දැක්කා. මම සැර වෙන කොට කීවා අම්මා කෑගහන්නැතුව ඉන්නකෝ මට මේ පුහුණුව කරගන්න බැරි වෙනවා කියලා.
ටික වේලාවක් යනකොට සද්දයක් නැති නිසා මගේ අවුරුදු 5 ක් වයස පොඩි පුතාට කීවා අයියා මොනවද කරන්නේ කියලා බලන්න කියලා. එයා කාමරයට ගිහින් ඇවිත් කීවා අයියා ලණුව දාලා ඔංචිලි පදිනවා කියලා. තව ටිකක් වෙලා ගියාම කිසිම ශබ්දයක් නැති නිසා මම ආයෙත් එයාට බලන්න කීවාම

පොඩි පුතා ඇවිත් කීවා අයියා සද්දයක් නැතිව එල්ලිලා ඉන්නවා කියලා.
මම ගිහින් බලනකොට එයා ලණුවෙන් එල්ලිලා හිටියා. මම එළියට ගිහින් කෑ ගැහුවා. එතකොට දරුවාගේ බාප්පයි ගමේ අයයි ඇවිත් බලලා කීවා වැඩක් නෑ පොලිසියට කියමු කියලා.

කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපති පො. ප. චන්දික ශ‍්‍රී කාන්ත මහතාගේ උපදෙස් මත උ.පො.ප. රාජපක්‍ෂ හා පො. කො. (67117) තිලකරත්න යන නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්‍ෂණ පවත්වා සිරුර රෝහල වෙත යවා තිබුණි.
පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ නාවලපිටිය අධිකරණ වෛi නිලධාරි ඒ. බී. එම්. අයිසාල් මහතා ගෙල සිරවීමෙන් ශ්වාසනාලය අවහිර වීම නිසා මෙම මරණය සිදුවී ඇති බව ප‍්‍රකාශ කොට තිබුණි.

මෙහිදී අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පැවසුවේ සිසුන් මෙවැනි අනතුරුදායක ක‍්‍රියාවලට යොමු කිරීමේදී ගුරුවරු හා දෙමාපියන් දැඩි වගකීමෙන් කටයුතු කළ යුතු බවයි

ගම්පොල - සුරංග දිල්හාන්, කුරුඳුවත්ත - ජගත් ජනප‍්‍රිය