ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාට දැනට දරන අමාත්‍යාංශය  විෂයන්ට අමතරව මෙතක් අග්‍රාමාත්‍යවරයා යටතේ පැවති වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන විෂයද පවරා තිබේ.

ඒ අනුව රිෂාඩ්
බදියුදීන් මහතාගේ නව අමාත්‍යාංශය කර්මාන්ත හා වාණිඡ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන නමින් නම්කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අයත්  අමාත්‍යාගයෙන් වෘත්තිය පුහුණු හා නිපුණයතා සංවර්ධන විෂයයන් ඉවත් කළ පසුව ඔහුගේ තව අමාත්‍යංශය ජාතික ප්‍රතිපත්ති. ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම්  හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ ‍යෞවන කටයුතු ලෙස නම් කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ඇමති රිෂාඩ් බදියුදීන්  යන මහත්වරුන් කලින් දැරූ අමාත්‍යාංශවලින් ඉකුත් 18 වැනි දින ඉල්ලා අස්වී එදිනම නව අමාත්‍යවරුන් ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.


-රංජන් කස්තුරි-