නිල් චිත්‍රපට කර්මාන්තයේ ප්‍රසිද්ධියට පත් තරුවක් වන මියා කලීෆා පිළිබඳව මේ දිනවල කතාබහට ලක්ව තිබේ. ඒ ඇයගේ විවාහ ගිවිසගත් පුවතක් සමගිනි. රොබර්ට් ඇන්ඩ්බර්ග් සමග
විවාහ වූ බව ඇය සමාජ මාධ්‍ය ඔස්සේ  හෙළි කර තිබිණි. රොබට් විසින් ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ සටහනක් තබා ඇති අතර, එහි සඳහන් කර තිබුණේ, මියා කලීෆාට මෙම විවාහ යෝජනාව කළේ රාත්‍රී සාදයකදී බවයි.

එය අතිශය සුන්දර මොහොතක් බව සඳහන් කරන ඔහු, කලිෆා ඒ මොහොතේ ඉමහත් පුදුමයට පත් වූ බවද සදහන් කර තිබෙනවා. ඇය තමාගේ යෝජනාවට එකඟ වූ බවයි ඔහු වැඩිදුරටත් එහි
සඳහන් කර තිබුණේ.

නිල් සිනමාව තුළ ජනප්‍රියත්වයට පත් නිළියක් විවාහ කර ගැනීම බොහෝ දෙනා - විමතියට පත් කාරණාවකි. එසේම මෙම කර්මාත්තය බොහෝ රටවල තහනම් වුවත් ඇතැම් බටහිර රටවල වාණිජ කර්මාන්තයක් ලෙස මෙම ක්ෂේත්‍රය හඳුන්වනු ලබයි. මේ ක්ෂේත්‍රය තුළින් විශාල ලෙස ප්‍රසිද්ධියට පත් කෙනකු ලෙස  මියා කලීෆාව හඳුන්වන්නේ ඇය කර්මාන්තය තුළ ඉතාමත් කෙටි කාලයකින් ජනප්‍රියත්වයට පත්ව සිටි නිසාය.


2015 වසරේදී වැඩිහිටියන්ට පමණක් සීමා වූ ඩියෝවක් සඳහා ඇය පළමුව පෙනී සිටි ඇත. ඇය විසින් හිජාබයක් ඇඳ මෙම රංගනයට දායක වූ හෙයින් ඇයට බොහෝ මුස්ලිම් රටවලින් විරෝධතා එල්ල විය. 2015 වසරේදීම ඇයට මෙම විරෝධතා මතු වූ අතර, ඇයට එරෙහිව ''IsIs'' සංවිධානය විරෝධය පා තිබේ. එම හේතුවෙන් 2016  ''IsIs'' ඝාතන ලැයිස්තුවේ මියා කලිෆාට ඉහළම තැනක් ලැබී තිබුණු බව සඳහන් වෙයි.