https://www.gossiplankanews.com/2019/03/ravi-karunanayake-power-solution.html
සිංහල අවුරුදු උත්සවය යෙදෙන එළැඹෙන  අප්‍රේල් මස මැද භාගය දක්වා දැනට පවතින විදුලි බල කප්පාදුව සිදු කරන්නට සිදුවනු ඇතැයි විදුලිබල ඇමති රවී කරුණානායක ඊයේ (26) පැවසුවේය.
විදුලිය කපාහරින පැය ගණන අවම කිරීමට ලබන සතියේ සිට උත්සාහ ගන්නා බවත්
මෙම ගැටලුකාරී තත්වයට තමාට

වගකියන්නට බැරි බවත් ඔහු දන්වා ඇත. 2014 සිට පසුගිය වසර 5 දීම මෙම ගැටලුව නිසි විසඳුම් නැති කමින් වර්ධනය වෙමින් පැවති බවත් එම කාලය තුළ අවස්ථා කිහිපයකදීම විදුලි කප්පාදුව සිදු කර තිබූ බවත් ඔහු පෙන්වා දුන්නේය.

2014 සිට වැඩිවන විදුලි ඉල්ලුමට සරිලන සැපයුමක් සඳහා අවශ්‍ය වෙනස්කම් කර නැති බවත් ඒ හේතුවෙන් සැලකියයුතු වශයෙන් ජල විදුලිය මත පදනම් වූ අපගේ  විදුලි බල පද්ධතිය අධික ඉල්ලුම සහ වියළි කාලගුණය සමග දරා ගැනීමේ හැකියාවන් ඉක්මවා යන තත්වයක් පෙන්නුම් කරන ලද බව පැහැදිලි කරන ලදි.

කෙසේ වෙතත් අතීතයට දොස් කියා පලක් නැති බව පවසන ඇමතිවරයා තමා හැකි ඉක්මණින් මීට විසඳුම් ලබාදීමට හැම මොහොතේම උත්සාහ දරමින් සිටින බවත් දැනට පවතින වාතාවරණය මත සිංහල අවුරුදු උත්සවය යෙදෙන අප්‍රේල් මැද දක්වාම විදුලි කප්පාදුව සිදු කරන්නට සිදුවන තත්වයක් ඇති බවත් මේ හේතුවෙන් ජනතාවගේ පුද්ගලික කටයුතු වලට මෙන්ම රජයේ ජාතික ආදායමට සැලකියයුතු අවාසියක් සිදුවන බවත් පැහැදිලි කර දුන්නේය.