අත්අඩංගුවට ගන්නා ලද හෙරෝයින් ඇතුළු නීතිවිරෝධී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 750කට වැඩි ප්‍රමාණයක්
එළඹෙන අප්‍රේල් මස 01 වැනිදා
විනාශ කිරීමට සූදානම් බව ඊයේ (25)  කළ විමසීමකදී මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි මහතා පැවසීය.

පුත්තලම ප්‍රදේශයේ ජනශුන්‍ය ප්‍රදේශයක පිහිටි සිමෙන්ති කර්මාන්ත ශාලාවක සෙල්සියස් අංශක 1000කට වැඩි උෂ්ණත්වයක් යටතේ මෙම මත්ද්‍රව්‍ය පුළුස්සා විනාශ කිරීමට නියමිතය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මූලිකත්වයෙන් අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව මෙම විනාශ කිරීම සිදු කරන බව මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි මහතා ද වැඩිදුරටත් පැවසීය.

-රසිකා හේමමාලි-