ඊයේ 22 සවස 6.30 ට පමණ රත්නපුර අයගම හා උඩුගල උතුර ප්‍රදේශවලට දැඩි වර්ෂාව සමග ඇතිවූ සුළිසුළං
තත්වය
නිසා නිවාස 18 කට හානි සිදුව ඇතැයි වාර්තාවේ.
සිදුවූ අලාබය අද උදෑසන දක්වා තක්සේරු කර නොමැත. අවතැන්වූවන් හෝ තුවාල කරුවන් පිලිබඳ විස්තර විමර්ශනය කෙරේ. පොලිසිය මැදිහත්වී අදාළ ආපදා සමනය කිරීමට කටයුතු යොදා ඇත.