https://www.gossiplankanews.com/2019/03/22-brothel-raided-at-rajagiriya.html
යේ 22 වන දින රාත්‍රි 10.45ට පමණ වැලිකඩ පොලිස් වසමේ අංක 861/2, කෝට්ටේ පාර, ඇතුකෝට්ටේ, රාජගිරිය ලිපිනයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසයක් පොලිසිය මගින් වටලා ඇති බව
වාර්තාවේ. වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අලුත්කඩේ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් වැටලීම සිදු කර තිබූ අතර ඉතා ඉහළ මිල ගණන් වලට ප්‍රභූන් හා දේශපාලකයින් සඳහා සේවය සලසමින් සිටි ස්ථානයක් ලෙස එය හඳුනාගන්නට හැකිව තිබේ.

ගණිකා නිවාසයක් කළමණාකරනය කිරීම සම්බන්ධයෙන් සැකකාරියක් සහ ගණිකා වෘත්තියේ යෙදිමේ අරමුණින් එහි රැඳී සිටි සැකකාරියන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු. 28,.25, 28, 29, 32, 48 වයස්වල පසුවන මහව, පරසන්ගස්වැව, මාදම්පේ, පාරනඩුවෙල, පදවිය, නාවලපිටිය, වීරඹුගෙදර යන ප්‍රදේශවල පදිංචිකාරියක්  බව පොලිසිය සඳහන් කරයි.
සැකකාරියන් අද (23)  මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. වැලිකඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.