https://www.gossiplankanews.com/2019/03/peradeniya-student-dies-at-ratna-ella-hasalaka.html#more
සලක රත්න ඇල්ල දිය ඇල්ල නැරඹීමට ගිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  සිසුවෙකු අවාසනාවන්ත ලෙස දිය පහරකට හසුවී මියයාමේ සිදුවීමක් වාර්තාවේ.
මෙලෙස මියගොස් ඇත්තේ දීඝායු බණ්ඩාර
නමැති 25 හැවිරිදි සිසුවෙකි.

ඔහු පේරාදෙනිය සරසවියේ තෙවන වසරේ සංඛ්‍යානවේදී විද්‍යා උපාධියක් හදාරමින් සිටි කුරුණෑගල අලව්වේ පදිංචිව සිටි සිසුවෙකි.

සරසවියේ මිතුරන් පිරිසක් සමග ඔහු රත්න ඇල්ල නැරඹීමට විනෝද චාරිකාවක් ගොස් තිබූ  අතර එහිදී  ඔහු ඇදවැටීමෙන් පසු සිරුර දිය පහරට හසුව අතුරුදන්ව තිබුණි. පසුව මෙහෙයුමක් දියත් කර පෙරේදා සවස සිරුර සොයාගැනීමෙන් පසු මහියංගණ මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත පශ්චාත් පරීක්ෂණය සඳහා යොමු කරන ලදි.

කුරුණෑගල අලව්ව බටහිර වෙන්නෝරුව ලිපිනයේ පදිංචිව සිටි දීඝායු කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ආදි සිසුවෙකි.