5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට රජය තීරණය කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා
ඊයේ

පස්වරුවේ පොළොන්නරුවේදී ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ අදහස් පළ කළේ, පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ නව ශ්‍රවණාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ය.
ශිෂ්‍යත්ව විභාගය නිසා ඊට මුහුණ දෙන දරුවන් සහ ඔවුනගේ මාපියන් ලබන අමිහිරි අත්දැකීම් පිළිබඳව සැලකිල්ලට ගෙන ඒ විභාගය අහෝසි කිරීීම පිළිබඳව තීන්දුවකට රජය එළඹ තිබෙන බවද කීය.
පහේ ශිෂ්‍යත්ව විභාගය යනු දරුවන්ගේ කායික, මානසික තත්වය දුර්වල කරන දරුවන්ගේ මානසික තත්වය වට්ටන, අම්මලා ලෙඩ්ඩු කරන අම්මලා මානසික රෝගීන් කරන එකක් බවද ජනාධිපතිවරයා කීවේය.

සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපනය යටතේ එදා මේ ශිෂ්‍යත්ව විභාග ක්‍රමය ආරම්භ කළේ එතුමා මධ්‍ය විද්‍යාල 50 ක් රටේ ආරම්භ කර ඉතාම දුප්පත් දරුවන්ට ශිෂ්‍යත්ව විභාගය සමත්වීමෙන් පසුව රජයෙන් ශිෂ්‍යත්වයක් ලබා දීමටයි. එහෙත් අද ජනප්‍රිය යැයි සම්මත පාසැල්වලට දරුවන් ඇතුලු කරවා ගැනීමට දුප්පත් පොහොසත් බේදයකින් තොරව දරුවන් ඊට මුහුණ දෙනවා.

මේ රටේ විශ්ව විද්‍යාලවලට ඇතුලුවන්නේ ශිෂ්‍යත්ව විභාගය සමත්වන දරුවන්ගෙන් සියයට 14ක් බවත් ඉතිරි සියයට 86 ශිෂ්‍යත්ව විභාගය අසමත් දරුවන්.

පසුගිය වර්ෂවල ශිෂ්‍යත්ව විභාගය අසමත් දරුවන් තම මාපියන්ගේ තාඩන පීඩනවලට ලක් වූ අවස්ථා සහ එහි ප්‍රතිඵල ලෙස ඇතැම් දරුවන් සිය දිවි නසා ගැනීම්වලට පවා යොමුවූ බව ආරංචි වුනා. කළ යුත්තේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමය. ඔහු කීය.