https://www.gossiplankanews.com/2019/03/new-zealand-muslim-call-to-prayer.html#more
ද (22) ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදෑසන 6 ට පමණ නවසීලන්ත වේලාවෙන් පස්වරු 1.30 ට මීට හරියටම සතියකට පෙර පුද්ගලයින් 42 ක් සඹූල ඝාතනය වූ ක්‍රයිස්චර්ච් අල්නූර් මුස්ලිම් දේවස්තානය අසළ විශේෂ යාඥා සැමරුමක් පැවැත්වුණා. ඝාතන සිදුවූ 1.43 අවස්ථාව නිහඬතාවයේ තබමින්
මළවුන් සිහිකළ අතර  බීබීසී සීඑන්එන් ඇතුළු ලෝකයේ ප්‍රධාන මාධ්‍ය එහි සිට සජීවී විකාශයන්ද ගෙන එනු ලැබුවා.
මුස්ලිම් ත්‍රස්ත තර්ජන ගැන ලෝකයම කම්පා වෙන වකවානුවක් වුවත් මෙම ඝාතන සාධාරණීකරණයට බටහිර මාධ්‍ය ඉදිරිපත්ව නොතිබීම සුවිශේෂ කාරණයක් වූ අතර මනුෂ්‍යත්වයේ නාමයෙන් නැවත මෙවන් විපත් ඇති

නොවන්නැයි ඔවුන් යාඥාවේදී ඉල්ලා තිබුණා.
පසුගිය 14 වන සිකුරාදා ක්‍රයිස්චර්ච් දේවස්ථාන දෙකක් ඉලක්ක කර එල්ලවූ ප්‍රහාරයෙන් 50 දෙනෙකු මියගිය අතර බ්‍රෙන්ටන් ටරන්ට් නමැති ඕස්ට්‍රෙලියානු ඝාතකයා සුදු ජාතිය වෙනුවෙන් මේ දේ කළ බව දන්වා තිබුණි. නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් අල්නූර් මුස්ලිම්

දේවස්තානය අසළ මියගියවුන් සැමරුමට එරට අගමැතිනියද අද සහභාගීවී සිටි අතර මියගිය අයගේ පවුල්වල අයද එක්ව සිටියා. මළවුන් වෙනුවෙන් 1.43 - 1.45 මිනිත්තු දෙකක නිහඬතාවයක සිටින්නටද පිරිස කටයුතු කළා.

මෙම සියලු අවස්ථා නවසීලන්තයේ ජාතික නාලිකා හා ගුවන්විදුලි සේවාවන් ඔස්සේද සජීවීව ප්‍රචාරය විය.
මෙම සිද්ධිය පදනම් කරගෙන සියලු ජාතීන් එකාවන්ව නැගී සිටීමත් ත්‍රස්තයින්ට විරෝධය පළ කිරීමත් සුවිශේෂ කාරණාවක් ලෙස ජාත්‍යන්තර විශ්ලේෂකයින් හඳුන්වාදී ඇත.