https://www.gossiplankanews.com/2019/03/nadeemal-perera-arrested.html

 4pm update
 අද (27) උදෑසන ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල්කර මෙරටට පැමිණීමෙන් පසු  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කිරීම් සදහා රඳවාගනු ලැබූ ගායක අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා සවස 3 ට පමණ මුදා හැර ඇති අතර එසේ රඳවා ගනු ලැබූ බන්ධනාගාර නියාමකවරයා වැඩිදුර විමර්ශන සදහා කොළඹ අපරාධ කොට්ඨාසයට බාරදී තිබේ.
9am update
සුගියදා ඩුබායිහිදී පාතාල නායක මාකඳුරේ මධුෂ් පැවැත්වූ සාදයකදී එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ රැඳවුම් භාරයේ සිටි සැකකරුවන් 31 දෙනා අතුරින් දෙදෙනෙකු රැඳවුමෙන් නිදහස් කර එරටින්
පිටුවහල් කිරීමට එරට අධිකරණය පියවර ගෙන තිබෙයි.

ඒ දෙදෙනා වන්නේ ගායක අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා (24) හා හිටපු බන්ධනාගාර නියාමකවරයෙකු වූ ලලිත් කුමාර කෝදාගොඩ (52) ය.
 ඔවුන්ට පැවති චෝදනා අවම වීම මත මෙම තීරණය ගෙන ඇති බව පැවසේ.

මේ දෙදෙනා ඊයේ රාත්‍රියේම ශ්‍රී ලංකාව බලා ගමන් කරන ෆ්ලයි ඩුබායි FZ 547 යානයෙන් මෙරටට එවා තිබෙන අතර අද උදෑසන කටුනායක ගුවන් තොටුපළට ඔවුන් පැමිණි පසුව ශ්‍රී ලංකා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ වනවිට වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා රඳවා ගැනීම පිණිස අධිකරණයට ඉදිරිපත්කිරීමට සූදානම් කර ඇතැයිද පොලිස් වාර්තා සඳහන් කරයි.
මේ අතර මෙම පිටුවහල් කිරීමට සලකා බැලීමේදී මධුෂ් ඇතුළු පාතාල නායකයින් හා සහචරයින්ද රයන් වැන්රොයන් හා අමල් පෙරේරා යන කලාකරුවන්ද ඇතුළු 29 දෙනකු තවදුරටත් එරට සිරඅඩස්සියේ තබා ගැනීමට තීන්දු කර ඇත.