බීමත්ව අධිබලැති විදුලි රැහැන් කණුවකට නැඟි තරුණයෙක් ජීවිත්ක්ෂයට පත්වී ඇති බව හැටන් පොලිසිය
පැවසිය. මෙසේ ජිවිතක්ෂයට පත්වී ඇත්තේ හැටන්,
අලුත්ගාල්ල ප්‍රදේශයේ පදිංචි ශිවන් ක්‍රිෂ්ණ කුමාර් නමැති 30 හැවිරිදි අවිවාහකයෙකී.
අධික ලෙස බීමත්ව පැමිණි මෙම තරුණයා විමලසුරේන්ද්‍ර ජල විදුලී බලාගාරයේ සිට හැටන් දක්වා ඇද ඇති වෝල්ට් 33000ක  අධි බලති ලී කණුවක නැඟ වීදුලි රැහැන ඇල්ලීමේදී එම  තරුණයා විසි වී බිම ඇදවැටුණු බවයි ප්‍රදේශවාසීන් පැවසුවේ. පෙරේදා (17දා) පස්වරු 4.30ට පමණ මෙම අනතුර සිදුව ඇත. මියගිය තරුණයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූළික රෝහලේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරීක්ෂණ පවත්වයි.


-නීටා පත්ම කුමාරි-