ඊයේ පොලොන්නරුව රාජකීය විද්‍යාලයේදී ජනපති මෛත්‍රිපාල සිරිසේන 5 ශිෂ්‍යත්ව විභාගය නවත්වනවානම් හොඳ බව තමන්ගේ අදහස ලෙස ප්‍රකාශ කර ඇති නමුත් එය තවම ස්ථිර කර නීතිගත කර නැති බව
අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් අද 

26 උදෑසන මාධ්‍ය කළ විමසීමකදී දැනුම් දී ඇත.
එම යෝජනාව තමා විසින්ද මින් ඉහත ඉදිරිපත් කළ එකක් බවත් අද දින කැබිනට් මන්ඩල රැස්වීමේදී මේ ගැන සාකච්ඡා කර අවසන් තීන්දුව ගැසට් කිරීම මගින් පමණක් ශිෂ්‍යව විභාගය අහෝසි වන බවත් ඔහු දන්වා ඇත.
ඒ නිසා ඒ තීරණය තවම නීත්‍යානුකූල එකක් කර නොමැති බව අධ්‍යාපන ඇමති අවධාරණය කළේය.
2019 මෙම වසරේ ශිෂ්‍යත්ව විභාගයට දැනටමත් සිසුසිසුවියන් සූදානම් වෙමින් පවතින පසුබිමක එක්වරම මෙවැනි තීරණයක් ක්‍රියාත්මක වන්නේ නම් එම දරුවන්ගේ විෂයමාලාවට ගැටලුවක් මතුවන අතර බොහෝ විට මෙම තීරණය 2020 විභාගය සමග ක්‍රියාත්මක වනු ඇතැයි අභ්‍යන්තර ආරංචි වාර්තා කර තිබේ.