මෙරට බන්ධනාගාරවල සිරකරුවන් 200කට ආසන්න සංඛ්‍යාවක් ක්ෂය රෝගයෙන් පෙළෙන බව කොළඹ දිස්ත්‍රික් ක්ෂය රෝග මර්දන ජාතික වැඩසටහන මගින් සිදු කරන ලද සමීක්ෂණයකින් හෙළිවී ඇත.  මෙයින්
සිරකරුවන් 100-120ත් අතර
සංඛ්‍යාවක් වැලිකඩ, කොළඹ, රිමාන්ඩ් හා මැගසින් යන බන්ධනාගාරවලින් හමුවී ඇතැයි මෙම වැඩසටහනේ වෛද්‍ය ලක්මාල් රත්නායක මහතා පෙරේදා (24) පැවැසීය.

කොළඹ ඇතුළුව සියලුම බන්ධනාගාරවලින් ක්ෂය රෝගය වැළදුණු සිරකරුවන් 160කට අධික සංඛ්‍යාවක් හදුනාගෙන ඇති අතර, තවදුරටත් ඔවුන්ගේ ලේ සාම්පල ලබාගන්නා බව ද වෛද්‍යවරයා කීය.

වැලිකඩ කාන්තා අංශයේ කාන්තා රැඳවියන් ද මේ අතර වන බවත් වැලිකඩ බන්ධනාගාර රෝහල් දැනටමත් සිරකරුවන් සියයකට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබන බවත් හෙතෙම සඳහන් කළේය.

මේ පිළිබඳ ඩිඡිටල් එක්ස් කිරණ යන්ත්‍ර ඇතුළුව විශේෂ පරික්ෂාවන් කරන යන්ත්‍ර කිහිපයක්ම මේ වනවිට ක්ෂය
රෝහ හා ළය රෝග මර්දන ඡාතික වැඩසටහන යටතේ  වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත ලබාදී තිබේ.

-ජයන්ත සමරකෝන්-