https://www.gossiplankanews.com/2019/03/dimuth-karunaratne-arrested.html
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න, අද උදෑසන බීමත්ව රිය පදවා සිදු කළ අනතුරක් නිසා
පොලිස් අත්අඩංගුවට පත්ව  තිබේ.‍

බොරැල්ල කිංසි පාරේ හොර්ටන් පෙදෙසේ දි  අද උදෑසන දිමුත් කරුණාරත්න පැදවූ මෝටර් රථය ත්‍රිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර ත්‍රිරෝද රථයේ රියදුරු සුළු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.

අද (31) දින අළුයම 5.15ට පමණ මෙම රිය අනතුර සිදුව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ ඔහු බීමතින් සිට ඇති බව පොලිසිය කළ පරීක්ෂණයේදී ඔප්පුවී ඇත.