https://www.gossiplankanews.com/2019/03/crishantha-pushpakumara-resigned.html#more
සුගියදා තම දේවාලයේදී දැරියක දූෂණය කිරීමේ චෝදනාවකට ලක්වූ පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්ප කුමාර අද උදෑසන ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා තමා මන්ත්‍රී ධූරෙයන් ඉවත්වන බවත් ඒමගින් සිය නඩු කටයුත්ත ස්වාධීනව කරගෙන යාමට අධිකරණයට ඉඩලැබෙන බවත් පවසා  ඇත.
ඔහුගේ පමණක් නොව එම පළාත් සභාවේම ආයු කාලය තවත් සති 3 කින් පමණ අවසන් වන අතර දින 22 කට පමණක් සීමාවූ එම මන්ත්‍රී ධූරයෙන්
ඔහුගේ ඉවත්වීම ඔහුට විශාල ලෙස දැනෙන දෙයක් නොවනු ඇත.
තමාගේ ඉවත්වීම අධිකරණ කටයුතුවලට උදව්වක් ලෙස ඔහු පැවසීමෙන් ව්‍යංගයෙන් ගම්‍ය වනුයේ ඔහු බලයේ

සිටීම මත අධිකරණය නිසි තීන්දු නොදුන් බවකි.
රටේම ආන්දෝලනයක් ඇති කරමින් දැරියක දූෂණය කළ බවට චෝදනා ලැබ ඔහු අධිකරණයට ඉදිරිපත් කර පැය 2 කින්
ඇප මත නිදහස ලබාගත් අතර එම තීන්දුව ගැනද ආන්දෝලනයක් ඇති විය.
දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරන බව අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී දක්වා සිටියේ තමාගේ දෑත් පිරිසිඳු බවද පවසමිනි.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වෙත අද දිනයේ භාරදෙන බව ඔහු කියා සිටියේය.
දැරියකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය 28 වනදා අත්අඩංගුවට පත්වූ ඔහු දැරියගේ පාර්ශ්වයට මුදල්දී එය බේරුම්කරගන්නට උත්සාහ කළ  බවටද කතාවක් පැතිරිණි.

පෙබරවාරි 23 වනදා උදෑසන තමන්ට අයත් අක්මීමන, බටගොඩ ප්‍රදේශයේ දේවාලයක්

තුළදී කළුකුමාර දෝෂයක් ඉවත් කිරීමට බව පවසමින් මන්ත්‍රීවරයා විසින් 16 හැවිරිදි දැරියකට බරපතළ ලිංගික අතවරයක් කර ඇති බවට චෝදනා එල්ල වී තිබෙන අතර දින පහකට පසුව පොලිසියට භාර වී පැය කිහිපයක් තුළ ඇප මත නිදහස් වීමට ද ඔහු සමත් විය.
තමා නියෝජනය කරන සියලු දෙනාට මේ තුළින් අගෞරවයක් වන බවත්, ඒ හේතුවෙන් මෙවැනි තීරණයක් ගත් බව ද පැවසු පුෂ්පකුමාර මහතා, තමා එල්ල වී ඇති චෝදනාවලින් නිවැරදිකරු වෙන තුරු මෙවැනි තීරණයක් මත පිහිටා කටයුතු කරන බව ද පැවසීය.

තමා දේශපාලනයෙන් ඉවත් වීම තුළින් අධිකරණයට නිදහසේ අධිකරණ කටයුතු කර ගෙන යෑමේ හැකියාව ලැබෙන බවත්, මෙම තීරණය ඕනෑම අයෙකුට වැරදි සහත ලෙස විවේචනය කිරීමේ හැකියාව පවතින බව ද ඔහු සඳහන් කළේය.
 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ ආරංචිමාර්ග පැවසුවේ පක්ෂය විසින් ඔහුට තනතුරින් ඉවත්වන ලෙස දැනුම් දී ඇති බවයි.