බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක කපිල ප්‍රියදර්ශන අමරකෝන් වෙඩි වැදී රෝහල්ගතවීමෙන් පසු සිදුවූ මරණය ගැන කළ පොලිස් පරීක්ෂණ අනුව ඔහු සියදිවිනසාගෙන ඇති බව තහවුරු වුනි යයි පොලිසිය
දන්වා සිටී.
බෙලිඅත්ත - පල්ලත්තර - මොදරවාන ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ වෙඩි වැදී බරපතල
තුවාල ලබා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අද පෙරවරුවේ ජීවිතක්ෂයට පත්වූ අතර
පවුල් ආරවුලක් සම්බන්ධයෙන් අධිකරණයේ පවතින නඩුවක් හේතුවෙන් කලක සිට ඔහු සිත් තැවුලකින් සිට ඇති බව ද පොලිසිය සිදු කළ පරික්ෂණ වලදී අනාවරණය වී ඇත.
නිවසේ සිටි 21 හැවිරිදි සේවිකාවගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හා ඔහුගේ සෙසු ඥාතීන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී පිටස්තරයෙකු පැමිණි බවට මුලින් පැවති සැකය ඉවත්ව ගොස් ඇත.