Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න

https://www.gossiplankanews.com/2019/03/begger-withmoney.html#more
වුරුදු 25 ක් තිස්සේ සිඟාකෑමෙන් උපයා ගත් මුදලින් ගෙවල් තුනක් තනා බැංකුවක රුපියල් ලක්ෂ පහක්ද තැත්පත්  කර ඇති ඇස් නොපෙනෙන 65 හැවිරිදි පුද්ගලයෙක් දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් පසුගිය 4 දා  අත්අඩංගුවට ගනු ලැබීය.

තමාගේ ගෙවත්තේ ඉදිකළ නිවාස දෙකක් දියණියන් දෙදෙනාට දෑවැද්දට දුන් බවත් කුලියටදීම සඳහා අනික් නිවස තනාගෙන යන බවත් ඔහු දුම්රිය ආරක්ෂක නිලධාරින්ට පවසා ඇත.

ගම්පහ - කොළඹ කොටුව අතර ධාවනය වෙමින් තිබූ දුම්රියක හිගාකෑමේ යෙදී සිටියදී මේ

පුද්ගලයා දුම්රිය ආරක්ෂක නිලධාරින්  විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර  ඒ අවස්ථාවේදීත් ඔහු ළඟ රුපියල් 4000 ක මුදලක් තිබි ඇත.

ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහුගේ බිරිය මියගොස් ඇති අතර අවුරුදු 25 ක් තිස්සේ ඔහු දුම්රියවල සහ බස්රථවල සිඟාකෑමේ යෙදී ඇත.

මේ පුද්ගලයා දුම්රිය ආරක්ෂක නිලධාරින්ට පවසා ඇති ආකාරයට මොහු පදිංචිව සිටින්නේද හිඟාකෑමෙන් උපයාගත් මුදලින් හැදූ නිවසකය.  මොහුගේ දියණියන් දෙදෙනාම විවාහවී දරුවන් ද සිටින අතර ඔවුන්ගේ සැමියා ද රැකියාවල යෙදී සිටින්නේ වෙයි.  දියණියන් දෙදෙනාට මෝටර් රථ දෙකක්ද තිබෙන බව ඔහු දුම්රිය ආරක්ෂක නිලධාරින්ට පවසා ඇත.

හිඟා කෑමෙන් තමා මාසයකට රුපියල් 150,000  ක පමණ මුදලක් උපයා ගත්තා බවද දෑස් නොපෙනීම මෙසේ ජීවත්වීමට ආශිර්වාදයක් කරගත් බවද ඔහු පවසා ඇත.

පිරිසිදුව ඇඳ පැළඳ සිටි මේ පුද්ගලයා දුම්රියේ හිඟා කන බව ඔහුගේ දියණියන් දෙදෙනා ද  දන්නා බවද ඔහු දුම්රියේ හිඟාකෑමට යන්නේ එන්නේ  ත්‍රිරෝද රථයකින් බව ද ඔහුගෙන් ප්‍රශ්න කිරිමේදී හෙළිවී ඇත.

 තම පියා දුම්රිය ආරක්ෂකයින් විසින් අත්අඩංගුවට ගත් බව දැනගත් එක් දියණියක්  කොටුවේ දුම්රිය ආරක්ෂක මූලස්ථානයට පැමිණ ඇත්තේ ඇගේ මෝටර් රථයෙනි.

-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-











Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Hot Political

Gossip Lanka Videos

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats

Like Us on Facebook

Follow Us on Youtube & Twitter