කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (30) දිනයේ ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
කොළඹ,
දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව, කොටිකාවත්ත, රත්මලාන සහ සොයිසාපුර යන ප්‍රදේශවල ජල සැපයුම් අත්හිටවනු ඇති.

ඒ අනුව හෙට උදෑසන 9.00 සිට පැය 24ක කාලයක් අදාළ ප්‍රදේශවලට ජලසැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කරයි.