දැනට භාවිත වන කාකි ඇඳුම වෙනුවට වඩා සුදුසු නිල ඇදුමක් පොලිස් නිලධාරින්ට හඳුන්වාදීම පිළිබදව අදාළ
අංග සමග සාකච්ඡා කරන බව 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (28)  කොස්ගම පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පැවසීය.

 පොලිසිය පිළිබඳ ජනතාව තුළ පවතින අයහපත් ආකල්ප වෙනස් කරමින් ගුණාත්මක සහ ගෞරවාන්විත පොලිස් සේවාවක් ගොඩනැගීමට පොලිසිය තුළ සිදු කරන අභ්‍යන්තර වෙනස්කම්වල පියවරක් ලෙස ඉදිරියේදී මෙලෙස පොලිස්  නිල ඇඳුමද යම් වෙනසකට ලක් කරන බව ජනාධිපතිවරයා පැවසීය.
මීට පෙරද පොලිසියට නව නිල ඇඳුමක් හඳුන්වාදීම ගැන පොලිස්පති පූජිත් ජයසුන්දර අදහස් පළ කර තිබුනි.