පාර්ලිමේත්තුව තුළ සිදු වූ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ට එරෙහිව නඩු පවරා සිරගත කිරීමට කටයුතු කළහොත් මියයන තුරු උපවාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ  ඊයේ (28දා)
පාර්ලිමේන්තුවේදී පැවසීය.

පසුගිය නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවේදී සිදු වූ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කමිටු වාර්තාව කථානායක කරු ජයසූරිය මහතාට භාර දී ඇති අතර, ඒ සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මක කර නොමැත.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේද එම සිදුවීමේදී කලහකාරී ක්‍රියාවට සම්බන්ධව ඇති බවට එම වාර්තාවේ සඳහන් කර ඇති අතර, එම  වාර්තාවට විරෝධය පළ කරමින් මන්ත්‍රීවරයා,

"අපට විරුද්ධව නඩු දාලා හිරකරන්න හදනවා. පුළුවන් නම් කරලා බලන්න. වීජේකලාට ඒක නීතියක්, අපට එක නීතියක්. අපිව හිරේ දැම්මොත් මැරෙනකම්ම උපවාස කරනවා" යැයි පැවසීය.

-චාමර සම්පත්-