https://www.gossiplankanews.com/2019/02/sri-lanka-test-victory-over-south-africa.html
යේ දකුණු අප්‍රිකාව සමඟ පැවති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව තියුණු ජයක් ලබාගැනීමට සමත් විය. ලකුණු 304ක ඉලක්කය කඩුලු 9ක් දැවී වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුයේ අවසන් කඩුලු සඳහා කුසල් ජනිත් පෙරේරා සහ විශ්ව ප්‍රනාන්දු අතර  ලකුණු 78ක නොදැවුණු වාර්තාගත සම්බන්ධතාව නිසාය.විශිෂ්ට ඉනිමක් ක්‍රිඩා කළ කුසල් ජනිත පෙරේරා නොදැවී ලකුණූ 153ක්
රැස්කිරීමට සමත්  විය.
ලකුණු 304 ක ඉලක්කයක් කරා යමින් සිටි ශ්‍රී ලංකා පිලේ 9 වැනි කඩුල්ලත් ලකුණු 226 දී බිඳ වැටුණ නිසා ජයග්‍රහණයේ බලාපොරොත්තු ගිලිහී තිබුණ අවස්ථාවක අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 78 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ කුසල් පෙරේරා (නොදැවී 153) සහ විශ්ව ප්‍රනාන්දු (නොදැවී 6) ශ්‍රී ලංකා

කණ්ඩායම ජයටැඹ කරා කැඳවාගෙන ගියහ.
තේ පානය සඳහා තරගය නතර කිරීමට නියමිතව තිබුණද ශ්‍රී ලංකා පිලේ කඩුලු 9 ක් දැවී ගොස් තිබූ හෙයින් අවසන් කඩුල්ල දවාගැනීමට දකුණු අප්‍රිකානුවන්ට අතිරේක විනාඩි 30 ක කාලයක් ලැබිණ. මේ අතරවාරයේදී සිය ඉලක්කයට ආසන්න වීමට ශ්‍රී ලංකා පිලට හැකි විය.
විනාඩි 30 අවසන් වීමට පෙර යැවූ අවසන් ඕවරයේදී දැනට ලොව සිටින හොඳම වේග පන්දු යවන්නා වන ඬේල් ස්ටේන්ට ශ්‍රී ලංකා පිලේ අවසන් පිතිකරුවා වන විශ්ව ප්‍රනාන්දු මුණගැසිණ. තුන්වැනි පන්දුවේදී ලකුණක් ලබාගත් විශ්ව පන්දු යවන්නාගේ අන්තයට ගියේය.
සියලු දෙනාගේ අපේක්‍ෂාව වන්නට ඇත්තේ ඉතිරි පන්දු තුනේදී කුසල් පෙරේරා සිය කඩුල්ල රැකගනීවි යන සිතිවිල්ල විය හැකිය. එහෙත් ඬේල් ස්ටේන්ගේ පන්දුවක් ඩීප් මිඩ් විකට් කලාපයට ඉහළින් නරඹන්නන් සිටින පෙදෙසට යැවූ කුසල් පෙරේරා ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු සංඛ්‍යාව 6 ක්

දක්වා අඩුකරගත්තේය.
ඊළඟ ඕවරයේ පන්දුව කගීසෝ රබාඩාට ලැබිණ. පළමු පන්දුවට පාද ලකුණු 2 ක් ලැබුණු අතර ඊළඟ පන්දුව තර්ඞඩ් මෑන් කලාපයෙන් හතරේ සීමාවට පහරක් ගසා ජය අත්කර ගන්නා ලදි.
පසුගිය ඔක්තෝබර් මාසයේදී එංගලන්තය හමුවේ පැවැති තරගාවලියේ සිට ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග 8 කට සහභාගි වී ඇතත් ජයගත්තේ මෙම තරගය පමණි.
 අවසන් කඩුල්ල වෙනුවෙන් වාර්තා කළ ලකුණු 78ක සම්බන්ධතාවය ටෙස්ට් තරඟයක් ජයග්‍රහණය කළ කණ්ඩායමක් අවසන් කඩුල්ල සඳහා පැවැත්වූ ඉහළම ජයග්‍රාහී සම්බන්ධතාව ලෙස වාර්තා පොතටද ඇතුලත්ව ඇත.
මෙම ජයත් සමගින් 1-0 ක් ලෙසින් තරගාවලියේ පෙරට ඒමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.